කැසිනෝ කිසිදු නියාමනයක් නැතුව දිව්වේ, අපියි ඒක වෙනස් කළේ – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සුරා සහ සුදු සමාගම් අධෛර්යමත් වන මට්ටමේ ඉහළ බදු පැනවීමක් මේ වන විට රජය විසින් සිදුකර ඇති බවත්, කැසිනෝ ශාලාහිමියන් සඳහා බදු සහන ලබාදී ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ පිලිබඳ රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින්,

“සුරා සූදු මේ හැමදේටම ඉහළම බද්ද ගහලා ඉවර වෙලා තමා, අපි මේ සාමාන්‍ය බදු ගෙවන ජනතාව එක්ක බදු ගෙවීම ගැන කතා කරන්නේ. කැසිනෝ ක්‍රීඩාව කිසිදු නියාමනයක් නැතුව දිව්වේ. මේ අවුරුද්දේ ඉඳලා තමා නියාමනය කරන්නේ. හොඳම උදාහරණය තමා ලියාපදිංචිය සඳහා මුලින්ම කෝටි 50ක් ගන්නවා. අවුරුදු 5ක ලියාපදිංචි ගාස්තු විදියට. ඒක ප්‍රථම වතාවට තමා අපි ආරම්භ කළේ. කෝටි 50ක් නැතුව ගේන්න දෙන්නේ නෑ. වාර්ෂික බද්ද මෙච්චර කල් තිබුණේ කෝටි 20ක්. ඒකත් කෝටි 50ක් කරා. එපමණක් නෙමෙයි. එදිනෙදා එකතුවෙන මුදලින් 10%ක් රජයට ගෙවිය යුතුයි. වර්ෂ අවසානයේ ඔවුන්ගේ ලාභයෙන් 40%ක් ගන්නවා. මේ ක්‍රිඩාවෙන් දිනන කෙනෙක් ඉන්නවා නම් ඔහුගෙනුත් අපි 15%ක් ගන්නවා. ඉතාම පැහැදිලිවම කැසිනෝ ශාලාහිමියෙකුගේ ආදායමෙන් 70%කට වැඩි මුදලක් අපි සතු කරගන්නවා.”

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 25) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...