ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763 ක් පිරවීමට තරඟ විභාගය දෙසැම්බර් පළමු සතියේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 දෙසැම්බර් මුල් සතියේ ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පිරවීම සඳහා වන විභාගය, පවත්වන බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බව , අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා තුළ ග්‍රාම නිලධාරී වසම් 14,022ක් පිහිටා තිබෙනවා. ග්‍රාම නිලධාරී වසමක් සඳහා එක ග්‍රාම නිලධාරියෙක් ලෙස තනතුරු 14,022ක් අනුමත වී තිබෙනවා.

2023.06.30 වන දිනට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අමාත්‍යවරයා ලෙස තීරණයක් අරගෙන 2023.05.28 වන දින නිකුත් කළ අංක 2230 දරණ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය අනුව 2023.03.31 වන දිනට පැවති පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත් දැනට රජයේ සේවයේ නියුතු නිලධාරීන් අන්තර් ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තියෙනවා.

ඒ අනුව ගැසට් නිවේදනය අනුව අයදුම්පත් ලැබී ඇති අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 දෙසැම්බර් මස විභාගය පැවැත්වීමට නියමිතයි. පළමු සතියේ විභාගය පවත්වන බවට විභාග කොමසාරිස්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්ට දන්වා තිබෙනවා. මේ ඉල්ලුම්පත් කැඳවලා දැන් වසර දෙකක් වෙනවා. ඒ අනුව එම විභාගය පැවැත්වීමෙන් පත්වීම් දීමට සුදුසුකම් ලබනු ඇත.” ලෙස අග්‍රාමත්‍යවරයා පවසා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...