බාලවයස්කාර දැරියක යොදාගනිමින් සිදුකළ ලිංගික ජාවාරමේ වැඩිදුර තොරතුරු අනාවරණය වෙයි!

Date:

බාලවයස්කාර දැරියක යොදාගනිමින් ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ ලිංගික ජාවාරමක් වැටලීමට පොලීසිය ඉකුත් වර්ෂයේ ජූනි මස සමත් විය.

මෙම ලිංගික ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

36 හැවිරදි සැකකරුට අයත් බැංකු ගිණුම් අටක් තිබූ බවත්, රුපියල් මිලියන 45.6 කට අධික සැකසහිත මුදල් ගනුදෙනු සිදුව ඇති බවත් පොලීසිය පවසයි.

එමෙන්ම, මෙම පුද්ගලයාට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියක් හෝ රැකියාවක් නොමැති බව පවසන පොලීසිය වැඩිදුරටත් අනාවරණය කළේ ඉකුත් වසර 18 ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශ වල ලිංගික වෘත්තියට අදාළ කටයුතු පවත්වාගෙන යාමට මොහු කටයුතු කර ඇති බවයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජගත්ගේ මුදල් බලය දණගැස්වූ වටගල න්‍යාය

සමගි ජන බලවේගය වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගෙන සිටි පාලින්දනුවර...

නැවත සොයාගත යුතුව ඇත ….

''පින්තූරයේ සිටින අපේ තාත්තා දුටුවොත් පහත අංකයට දැනුම් දෙන්න....

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කරගෙන රවටන්න එපා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන හා...

වැසි තත්වයේ යළි වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 26) දිනයේදී බස්නාහිර, සබරගමුව...