ක්‍රීඩා ඇමති දුර පනින්න සූදානම්ද ?

Date:

මේ දවස් ටිකේ වැඩියෙන්ම පුවත් මවන ඇමති වෙලා ඉන්නෙ ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග ඇමති රොෂාන් රණසිංහ.

එයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නයත් එක්ක කෙළින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එළිපිටම ගේම ඉල්ලන සීන් එකක් තමයි පෙන්වන්නේ.

කොහොම වුණත් අපට ආරංචි හැටියට නම් ඇමති රොෂාන් මේ අඩව්ව අල්ලන්නේ විපක්ෂයට යන්න බලාගෙන ලු. “දේශපාලන තරුවක්” හැටියට, වීරයෙක් වගේ විපක්ෂයට බහින්න හිතාගෙන තමයි ලු මේ කෙළින්ම ජනාධිපතිවරයා එක්ක හැප්පෙන්න යන්නේ.

හැබැයි ඔතන පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා ලු. ඒ කියන්නේ පහුගිය කාලේ වාරිමාර්ග අමාත්‍යාංශයේ සිද්ධ වෙච්චි වැඩ කීපයක් ගැන ජනාධිපතිවරයා ගාව ෆයිල් වගයක් තියෙනවා කියලා රොෂාන් දන්නවා ලු. විපක්ෂයට යන වැඩේට බ්‍රේක් පාරක් වැදිලා තියෙන්නෙ ඒකයි ලු.

ආරංචියේ හැටියට නම් කතාව ඔහොමයි. බලන් ඉමු ඉතින් ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...