පරාජය ගැන ප්‍රමෝද්‍යය කියූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 174 දරන ගුවන් යානයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම 05.05 ට දිවයිනට පැමිණ තිබේ. ඒ මෙවර ලෝක කුසලානය හීනයක් වූ මොහොතකය.

ඔවුන් පිළිගැනීම සඳහා , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබුණු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් සියලුම දෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වේ.

කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණු බවද සඳහන්.

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් ඔවුන්ට පිටව යාම සඳහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර්රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය බවද සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පැවසූවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, මේ පිළිබඳ සියලු තොරතුරු තවත් දින 02කින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැනගැනීමට සලස්වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...