තැපැල් සේවකයින් වැඩවර්ජනය අත්හරී! වර්ජනය නිසා ගොඩගැසී ඇති තැපැල් භාණ්ඩ ප්‍රමාණය ලක්ෂ 10 ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට තැපැල් සේවකයින් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කර ඇත.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් පසුගිය 8 වනදා තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ අතර , සිය වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අවසන් කර ඇත.

ඒ අනුව, අද දින සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ දන්වා සිටී.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසූවේ, වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී ඇති ලක්ෂ 10කට ආසන්න තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...