2022 වසරේ විදේශීය සංචාරකයින් 155,000ක් ලංකාවට

Date:

2022 වසරේ 23.02.2022 දක්වා දිවයිනට පැමිණ ඇති මුළු විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 150,000 ඉක්මවා ගිය බව වාර්තා වේ.

මෙලෙස පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියානු කලාපයේ රටවලින්.

මේ වසරේ ජනවාරි මාසය තුළදී මෙරටට විදේශීය සංචාරකයින් 82,327ක් පැමිණ ඇති අතර 2021 වසරේ කොවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් ජනවාරි මාසයේදී පැමිණි විදෙස් සංචාරකයින් 1,682ට සාපේක්ෂව මෙය ඉතා ඉහළ අගය​කි.

රට තුළට විදෙස් සංචාරකයින් බහුල වශයෙන් පැමිණීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රට තුළ ඉතා හොඳින් ක්‍රියාත්මක වූ කොරෝනා මර්දන එන්නත් කරන වැඩපිළිවෙලයි. මේ සමගම ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් යන පණිවුඩය ලොවපුරා සංචාරකයින් හට ලැබුණි. එම තත්වයක් සමගින් සංචාරක කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගෙන ඇති අතර එය මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අතිශයින් බරපතල ඩොලර් අර්බුදයටත් යම්කිසි අස්වැසිල්ලක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...