පොහොට්ටු සම්මේලනය ලබන මාසයේ. සන්ධානයට නව නායකයෙක් !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය දෙසැම්බර් 15 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ය.

මේ සඳහා පක්ෂයේ මැති ඇමතිවරුන්, අනුබද්ධ සංවිධාන නායකයින්, පළාත් පාලන නියෝජිතයින් සහ සහෝදර පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය.

එමෙන්ම පොහොට්ටුවේ මූලිකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් බිහිකිරීමත් එම සන්ධානය සඳහා සුදුසු නායකයකු නම් කිරීමත් පිළිබඳව ද මේ වනවිට පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන්ම ලබන වසර මැතිවරණ වසරක් වන බැවින් ඊට අදාළ තීන්දු තීරණ රැසක් මෙවර ජාතික මහා සමුළුවේදී ගැනෙනු ඇති බව සඳහන්.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාදර්ශී නායකයා වශයෙන් පත්කිරීමට ද නියමිත බව ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...