සමාජ මාධ්‍යයෙන් සිදුකරන අපහාස අපිට අදාළ නැහැ – සජිත්

Date:

කොළඹ LNW:ආගමික සංවර්ධනය වෙනුවෙන් වැඩකටයුතු සිදුකරන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන උපහාස අපහාස සිදු කළත් අප ඒවා සියල්ල බැහැර කළ යුතු බවත් එම චෝදනා ප්‍රතික්ෂේප කර හෘද සාක්ෂියට අනුකූලව කටයුතු කළ යුතු බවත් කෙතරම් නින්දා අපහාස අවලාද ලැබුණත් අප කරන දේ පවිත්‍ර නම් නිර්මල නම් ඒ නින්දා අපහාස අවලාද ගණන් නොගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ වේයන්ගොඩ ගුණසිරි සංඝබෝ විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කිරීම සහ පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාව වෙනුවෙන් පැවැති උත්සවයකට එකේවෙමිනි.

එහි දි විපක්ෂ නායකවරයා කියා සිටියේ අවලාද අපහාසවලට නොසැලි මහා ඝන පර්වතයක් සේ පෙනී සිටිමින් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට එක්වන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා එය තහවුරු කර ඇති බවත් පැවසීය.

ඒ අනුව සම්බුද්ධ සාසනය සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම සියලුම බෞද්ධ පුරවැසියන් සතු වගකීමක් සහ යුතුකමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක...

ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ADB වෙතින් ඇ.ඩො.මි. 90 ක ණයක්..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට පුරා ග්‍රාමීය...

මහාමාර්ග අංශයේ ප්‍රමුඛ පෙළේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් 4ක් ප්‍රථම වරට අසාදු ලේඛනයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මහාමාර්ග අංශයේ ප්‍රමුඛ...

රට තුළ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් නව වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : රට තුළ මත්ද්‍රව්‍ය...