සමාජ මාධ්‍යයෙන් සිදුකරන අපහාස අපිට අදාළ නැහැ – සජිත්

කොළඹ LNW:ආගමික සංවර්ධනය වෙනුවෙන් වැඩකටයුතු සිදුකරන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන උපහාස අපහාස සිදු කළත් අප ඒවා සියල්ල බැහැර කළ යුතු බවත් එම චෝදනා ප්‍රතික්ෂේප කර හෘද සාක්ෂියට අනුකූලව කටයුතු කළ යුතු බවත් කෙතරම් නින්දා අපහාස අවලාද ලැබුණත් අප කරන දේ පවිත්‍ර නම් නිර්මල නම් ඒ නින්දා අපහාස අවලාද ගණන් නොගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ වේයන්ගොඩ ගුණසිරි සංඝබෝ විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කිරීම සහ පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාව වෙනුවෙන් පැවැති උත්සවයකට එකේවෙමිනි.

එහි දි විපක්ෂ නායකවරයා කියා සිටියේ අවලාද අපහාසවලට නොසැලි මහා ඝන පර්වතයක් සේ පෙනී සිටිමින් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට එක්වන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා එය තහවුරු කර ඇති බවත් පැවසීය.

ඒ අනුව සම්බුද්ධ සාසනය සුරක්ෂිත කොට ආරක්ෂා කිරීම සියලුම බෞද්ධ පුරවැසියන් සතු වගකීමක් සහ යුතුකමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...