2024 සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, 2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.

විශේෂයෙන් අපි මේ අවස්ථාවේ දී බොහෝම සන්තෝෂ වෙනවා. ඉතාම ඵලදායි රටේ ආර්ථිකය නැගිට්ටවන අයවැයක්. ඓතිහාසික තීන්දුවක් තියෙනවා. උඩරට ජනතාවට මුඩුබිම් පනතින් සිද්ධවෙච්ච අසාධාරණය නිවැරදි කරලා ඒ අයට ඉඩම් ඔප්පු ලබාදෙන්න. ඒ වගේම රටේ ආර්ථිකය හැම අංශයකින්ම ඉහළට ගන්න පුළුවන් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ඉතා හොඳ අයවැයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.” ලෙස ඇය කියා සිටියේය.

2024 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ලබන වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326කි.

පුනරාවර්තන වියදම් නොහොත් සහනාධාර, වැටුප් වැනි වියදම් සඳහා වෙන් කෙරෙන ප්‍රමාණය රුපියල් බිලියන 5,334 ක් වේ.

ප්‍රාග්ධන වියදම් නැතහොත් නව ව්‍යාපෘති හෝ පැවති ව්‍යාපෘති ආදියට කෙරෙන වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 1,225ක් ලෙස සඳහන් කර ඇත.

විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට 21 වැනිදා දක්වා දින 07ක් පැවැත්වෙනු ඇති බව පැවසේ.

දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර, අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වැනිදා පස්වරු 06.00ට පැවැත්වෙන බව සඳහන් වේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන අයවැය කතාව අද මධ්‍යහ්න 12 සිට සජීවීව විකාශය කිරීමට නියමිතය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කියෙව් කලාපයට රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර; හයක් මරුට!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන කියෙව් කලාපයේ...

‘හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම වැලැක්වීමට උදවු කරන්න’- එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

අපි යමු 25 දා ට ගාලු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවතින්නේ,...