IMF එකඟතා එක්ක හදපු අයවැයක් – ධනනාත් ප්‍රනාන්දු

Date:

කොළඹ LNW:2024 අයවැය සකස් වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමඟ බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක ධන්නාත් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

මූලික වශයෙන් වියදම් පියවීම සඳහා අයකරගන්නා ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තිබෙන අතර ලංකා ඉතිහාසයේ වැඩිම වැයක් මෙවර අයවැයෙන් වාර්තා වී තිබෙන බවයි ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.

වැය පාර්ශවය පිළිබඳව මෙන්ම අය පාර්ශවය සම්බන්ධයෙන් ද අවධානය යොමුකළ යුතු වන අතර එහිදී ජනතාවට යම් ප්‍රමාණයක බරක් පැටවී තිබෙන බවද ඔහු කියා සිටියි.

කෙසේවෙතත් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හොයා ගැනීම මහ බැංකුව හරහා සිදුකළ හොත් නැවත උද්ධමනය වැඩිවිය හැකි බවද හෙතෙමප්‍රකාශ කරයි.

”මූලික වශයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම කරලා තියෙනවා. මූලික ප්‍රශ්නය වියදම් සදහා අය කරගන්නා විදිහේ ගැටලුවක් තියෙනවා. වැය වගේම අය ගැනත් බලන්න ඕන. අය පැත්ත ජනතාවට බැරවෙනවා යම් ප්‍රමාණයකට. ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවටයි මෙතරම් වැයක් සදහන් වන්නේ. මුදල් හොයාගැනීම මහ බැංකුව හරහා කරන්න ගියොත් නැවතත් උද්ධමනය වැඩිවීමයි වෙන්නේ. මේ වෙලාවේ පඩි වැඩිකිරීම යම් ගැටලුවක් තියෙනවා. වැට් එක වැඩිකලාම සියලුම භාණ්ඩ මිල ඉහළ යනවා. ඒවයෙන් බදු එකතුකරගන්න ලේසියි. ආර්ථිකය සංකෝචනය වෙන වෙලාවක වැට් එක වැඩිකළාම ගැටලුවක් තියෙනවා. මේ අයවැයේ බදු විශාල වශයෙන් ගෙනල්ලා නෑ. වැය යෝජනාවක් විදිහට තමයි පෙනෙන්නේ. බැංකු පොළිය වුණත් විශාල වෙනස් වීමක් වෙන්න පුලුවන් කමක් නෑ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...