*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිතවරිය ලබන 18 වැනිදා දිවයිනට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීනයේ පර්යේෂණ නෞකාවක් ලබන මාසයේ දී දිවයිනට
පැමිණීමට නියමිත අතර, එක්සත් ජනපදය ඒ පිළිබඳ තම අප්‍රසාදය පළ කර ඇති බව තොරතුරු වාර්තා වේ. මේ අතර, ඉන්දියාව ද මේ සම්බන්ධයෙන් දැඩි අවදානය ශ්‍රී ලංකාව වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.

ලබන වසර මුලදී පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාව කොළඹ වරායට ලඟා වීමට නියමිත බවට තොරතුරු වාර්තා වන අතර, එම නාවික ගමනට සමගාමීව චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත ෂින් යි චින් මහත්මිය ලබන 18 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවයි සඳහන් වන්නේ.

කිසිදු දේශපාලන අරමුණකින් තොරව ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමටත්, දිවයිනේ අපනයන වැඩි වශයෙන් මිල දී ගැනීමටත්, ආයෝජන වැඩි කිරීමටත් චීන නායකයා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුන් පොරොන්දුව අනුව චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතවරිය දිවයිනට පැමිණෙන බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්ත කිරීමේ වැඩසටහන සඳහා මිත්‍රශීලී සහයෝගයක් ලබා දීමට ජනාධිපති ෂී සහතික වූ බවද සඳහන් වේ.

ෂින් යී චින් මහත්මිය ලබන 21 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළ අතර , එම කාලය තුළ Shin Yi Chin මහත්මිය ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපයේ පර්යේෂණ සහ සමීක්ෂණ කටයුතු සඳහා චීනය විසින් සිය නවතම පර්යේෂණ යාත්‍රාවක් දියත් කිරීමට ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා ඇති බවද සඳහන් වේ.

චීනය එම නෞකාව Xiang Yang Hong 3 ලෙස හඳුන්වන අතර, මෙම නැව ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ පර්යේෂණවල නිරත වීමට අපේක්ෂා කරන බව චීන නිලධාරීන් ඔවුන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයන්‍ට දන්වා ඇත.

දැනට සඳහන් වන තොරතුරු වලට අනුව, Xiang Yang Hong 3 ලබන වසරේ ජනවාරි 5 සිට පෙබරවාරි 20 දක්වා පර්යේෂණ හා සමීක්ෂණයේ නිරත වීමට නියමිත බව වාර්තා වේ.

Xiang Yang Hong 03 නෞකාව චීනයේ ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ තුන්වන සාගර විද්‍යා ආයතනයට අයත් වන අතර, මෙම නෞකාවේ මුල් අදියර ෆුජියන් පළාතේ Xiamen ලෙස ලැයිස්තුගත කර ඇති අතර, මෙය දිග මීටර් 99.6 ක් වන අතර එය සාමාන්‍ය සමීක්ෂණ යාත්‍රාව යටතට අයත් නෞකාවකි.

ඒ සමගම ඉන්දියාවේ දැඩි අප්‍රසාදය මධ්‍යයේ ඔක්තෝම්බර් මාසයේදී කොළඹ වරායට සේන්දු වූ චීන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව වන Shi Yan 6 යළිත් වරක් එය කොළඹ බලා යාත්‍රා කරන බව තොරතුරු වාර්තා වන බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, චීන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක් වන Shi Yan 6 පැමිණීම පිළිබඳව තමන් මේ වනතුරුත් දැනුවත් කර නොමැති බවයි. Shi Yan 6 නෞකාව ඉන්දියන් සාගරයේ අඛණ්ඩව ගමන් කරමින් පවතින බවටයි වාර්තා වන්නේ.

වසර ගණනාවක් පුරා, 2017 වසරේ සිට අති නවීන චීන පර්යේෂණ/සමීක්ෂණ යාත්‍රා 17කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුහුදට ළඟා වී අති අතර, Xiang Yang Hong 3 නෞකාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2017 දෙසැම්බර් 13 වන දින වන අතර, දින 18 ක කාලයක් කොළඹ සහ ත්‍රිකුණාමලයේ රැඳී සිට ඇති බවට සඳහන් වේ.

Xiang Yang Hong 3 නෞකාව 2019 දෙසැම්බර් 22 වන දින නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර 2020 ජනවාරි 5 වන දින දක්වා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිට ඇත.

Xiang Yang Hong 19 විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාව 2020 පෙබරවාරි 11 වන දින ශ්‍රී ලංකා මුහුදට ළඟා වූ අතර එය දින නවයක් නැංගුරම් ලා තිබූ බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan