කාර්වල දෙහිගෙඩි මිරිස් කරල් එල්ලන දොස්තරලා ඉංජිනේරුවන් බිහිවන හේතුව ….

Date:

ලංකාවේ පාසල් වල ළමුන්ට ලබා දෙන්නේ බටහිර දැනුම් පද්ධතියකි.. මෙහිදී උක්ත බටහිර දැනුම් පද්ධතිය එය විකාශනය වූ සංස්කෘතියෙන් ගලවා එය මෙහි පවතින පරණ දේශීය සංස්කෘතියක් තුල පැලකිරීමට යාම තුළ සිදුවන්නේ විකෘතියකි..

ඇත්තටම අපට දියුණු ලෝකය සමඟ බද්දවීමට බැරි ප්‍රධානම බාදකය වන්නේත් මේ “අපේ කම” කියන බොරු මාන්නයෙන් සියල්ල වැසීමට යාමයි..

පාසල්වල ඇති තූර්‍යවාදක කන්ඩායම් යනු බටහිර සංස්කෘතියෙන් පැමිණි අභ්‍යාසයකි.. එය මිල්ටරි ආකෘතියකයක කොටසක් වන බැවින් තූර්‍ය්වාදක කන්ඩායම් වල නිල ඇඳුම සකස්වී ඇත්තේ කඩිසරව යා හැකි ඇඳුමකිනි…මෙහිදී සියල්ල අපේ කමට හැරවීමට ගොස් තූර්‍යවාදක කන්ඩායම් වලට ළමාසාරි ඇන්දවීම කෙතරම් ප්‍රායෝගිකද..?

දියුණු දැනුම් පද්දතියක් හෝ වේවා දියුණු සංස්කෘතියක් හෝ වේවා ලෝකේ කොහෙන් ආවත් ඒක දියුණු නම් ඇඹරෙන්නෙ නැතිව ඒකට අනුගත වෙන්න පුළුවන් නම් අන්න ඒක තමා ඊළඟ සියවසට යෑමේ පළමු පියවර වෙන්නේ…

මේ පෝස්ටරයට අනුව පාසලට මවට ඇඳගෙන යාමට ඔවුන් යෝජනා කරන වස්ත්‍රය වන්නේ ගැහැණියගේ ඊනියා හැදියාව පෙන්වන සිරුරේ ඇස්වටය දක්වා එතුනු ඔසරියයි..

දරුවාට ආදර්ශය, අභිමානය සපයන්න යැයි කියන්නේ ඒ තුලිනි..

කාර්වල යටින් දෙහිගෙඩි, මිරිස් කරල් එල්ලන් යන බටහිර දැනුම ගත් ඉංජිනේරුවන්, දොස්තරවරු රටේ බිහිවන්නේ මේ සන්දර්භය තුල විය යුතුය….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...