සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සිටි සුපිරිතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ මාලන් සැමුවෙල්ස් දෙවන වරටත් තරග පාවාදීමේ චෝදනාවක් හේතුවෙන් වසර හයක දඬුවමකට යටත් කරන්නට අයිසීසී ය පියවර ගෙන ඇත.ඔහු මිට පෙර 2008 වසරේදී ද මුදලට තරග පාවාදීමට අදාළ චෝදනාවන්ට වරදකරුවෙක් වී වසර දෙකක තරග තහනමකට ලක් විය.
මෙවර ඔහු අබුඩාබි හී පැවති පන්දු ඕවර් 10 තරගයකදී සිඳු කළ තරග පාවදීමට අදාළ වැරදි වෙනුවෙන් චෝදනා හතරක් යටතේ මෙම තහනමට ලක් කිරීමට අයිසීසී ය පියවර ගෙන තිබේ.මෙවර ඔහුට එල්ල වූ චෝදනා හතරෙන් එකක් බහුතර කැමත්තෙන් ද අනෙක් තුන එක්මතිකවද අයිසීසී ය විසින් පිළිගෙන ඇත.
2.4.2 වගන්තිය (බහුතර තීරණයකින්) – නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාට හෙළිදරව් කිරීමට අපොහොසත් වීම, ක්‍රිකට් අපකීර්කියට පත් කරමින්,සහභාගිවන්නාට හෝ ක්‍රීඩාවට ගෙන ඒමට හැකි තත්වයන් යටතේ සිදු කරන ලද හෝ ලබා දුන් කිසියම් තෑග්ගක්, ගෙවීමක්, ආගන්තුක සත්කාරයක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලැබීම.
වගන්තිය 2.4.3 (ඒකමතික තීරණය)- එක්සත් ජනපද ඩොලර් 750 හෝ ඊට වැඩි වටිනාකමක් සහිත ආගන්තුක සත්කාර සඳහා නම් කරන ලද දූෂණ විරෝධී නිල කුවිතාන්සියට හෙළි කිරීමට අපොහොසත් වීම.
වගන්තිය 2.4.6 (ඒකමතික තීරණය) – නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම.
2.4.7 වගන්තිය (ඒකමතික තීරණය) – විමර්ශනයට අදාළ විය හැකි තොරතුරු වසන් කරමින් නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.
මාලන් 2020 දී නිල වශයෙන් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත්තත් මෙය ක්‍රීඩකයෙකුට හිතන්නට සහ වරදින් වැළකෙන්නට හොඳ දඬුවමක් වනු ඇති බව අයිසීසීයේ විශ්වාසය වන්නේය.
කෙසේ නමුත් මාලන් සැමුවෙල්ස් යනු අතිදක්ෂ ක්‍රීඩකයෙක් බව අවිවාදිතය.2012 දී මෙන්ම 2016 දී ද ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට 20ග20 ලෝක කුසලාන අවසාන තරගයේදී වැඩිම ලකුණු ප්‍රමාණය එකතු කළ ක්‍රීඩකයා විය.ශ්‍රී ලංකාවේදී 2012 වසරේදී ලකුණු නැති තණතිල්ලක කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක් පමණක් බල පෑ අතර එහිදී අජන්ත මෙණ්ඩිස් ලකුණු 12 ට කඩුලු 4 ක් සහ අන්ජලෝ මැතිවිස් ද පන්දු ඕවර් 4 ලකුණු 11 ට නිමා කරමින් කඩුල්ලක් දවා ගනිමින් කොදෙව්වන් තුළ ඇති කරපු පීඩනය හමුවේ මාලන් සැමුවෙල්ස් අනගි ඉණිමක නිරත වෙමින් පන්දු 56 න් ලැබූ ලකුණු 78 ඓතිහාසිකව අමතක කළ නොහැකි සුපිරි ඉණිමක්ය.
ඉනික්බිතිව ඔහු පන්දු ඕවර් 4 ලකුණු 15 ට සීමා කරමින් කඩුල්ලක් ද දවාගෙන ශ්‍රී ලංකාවට පන්දුවෙන්ද පීඩනයක් ඇති කරමින් ලකුණු 101 ට සියල්ලන්ම දවා ගැනීමට ද මුල් විය.ඇඟට පතට කොදැනී පිටියෙන් පිටත තැබෙන සුවිසල් පහරවලට නම් දැරූ මාලන් සැමුවෙල්ස් තීරණාත්මක මොහොතවල්වලදි තරගය කොදෙව්වන් දෙසට හරවන්නට හැකි ආකාරයේ දඟ පන්දු යවන්නෙක් ලෙස ද කැපී පෙණින.එසේම සුරක්ෂිත දෑතක් සහිත පන්දු යවන්නෙක් ද වූ මාලන් ඒ සියල්ලේ කීර්තිය තම අසංවර හැසිරීම් නිසා කළු පැල්ලමකින් වසා දමා අනාගතයට ඉතුරුවන්නට තිබුණ වීරත්වය දැවන්තව පළුඳු කර ගත් අයෙක්ය.
