සතිඅන්තයේදී විදුලි කප්පාදුව දහවල් කාලයට පමණක් සීමා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දිනවල රාත්රී කාලයේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇත.
හෙට (26) දිනයේදී ඒ,බී සහ සී කාණ්ඩවලට පමණක් දහවල් කාලයේදී පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත. සෙසු ප්රදේශවලට විදුලි කප්පාදුව සිදු වන්නේ පැය දෙක හමාරක් පමණි.
අනිද්දා (27) දිනයේදී ඒ,බී,සී කලාප සඳහා පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර සෙසු කලාපවලට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ.
UN