රොෂාන්ට රනිලුත් නැති වී සජිතුත් නැති වෙයිද…

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW) : ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දැරූ අමාත්‍ය ධූරවලින් ඉවත් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.රොෂාන් රණසිංහ අමාත්‍යවරයෙක් ලෙස දීර්ඝ ලෙස ජනාධිපතිවරයා විවේචනය කරද්දී ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත්ව සමඟ ිජන බලවේගයේ ප්‍රබල තනතුරකට යාමට සූදානම් බවට ද රාවයක් පැතිර ගියා.එහෙත් ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහව ඉවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ලොබියේදි සජිත් ප්‍රේමදාස මහතා ඒ ගැන ඇසූ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් සිටින බවයි.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ගත් ක්‍රියාමාර්ගවලදී මෙරටට ජාත්‍යන්තර වශයෙන් වැඩිම ආයෝජනයක් සිඳුවන රගර්,පාපන්දු සහ ක්‍රිකට් යන ක්‍රීඩා තුනම දේශපාලන බලපෑම් ලෙස සළකා ජාත්‍යන්තර වශයෙන් තහනම් කෙරුණා.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සිය ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කළ අර්ජුන රණතුංග ක්‍රිකට් පරිපාලනය විසුරුවා,එහි අතුරු කමිටු සභාපතිවරයා ලෙස පත් කිරීම අධිකරණය විසින් තාවකාලිකව අත්හිටවීමත් සමඟ එය පාර්ලිමේන්තුවේද,නීති කේෂත්‍රයේද,සිවිල් සමාජයේද දැඩි කතා බහට ලක්වුණා.පාපන්දු,රගර් ක්‍රීඩාවලට වඩා විශාල මුදල් ප්‍රමාණයක් තිබීම නිසා වෙනත් ක්‍රීඩාවලට නොතිබුණු උනන්දුවකින් ක්‍රිකට් ගැටුම දුර දිග ඇදී ගිය අතර එම තත්ත්වය මත ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා අතර
ප්‍රසිද්ධියේ විවේචනයන් සිඳු වුණා.

මේ තත්ත්වය මත රොෂාන් රණසිංහ අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී සිය ජීවිතයට අනතුරක් සිදු වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකිව යුතු බවත් ප්‍රකාශ කළා.එම ප්‍රකාශය සිඳු කර පැය කිහිපයකට පසුව ජනාධිපතිවරයා අමාත්‍යවරයා ඔහු දැරූ අමාත්‍ය ධූරවලින් ඉවත් කරන්නට පියවර ගෙන තිබෙනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...