රට ස්මාර්ට් කරන්න ආපු රජයයි වත්මන් රජයයි දෙකම කළේ කිසිදු ගැලපීමක් නැතිව අමාත්‍යාංශ බෙදපු එක – සජිත්

Date:

ආර්ථික වශයෙන් බංකොලොත් කරපු රටක ආර්ථික තිරසරභාවය, ණය තිරසරභාවය ගැන කතා කරනවා සේම පරිසර තිරසරභාවය ගැනත් අවධානය යොමු කළ යුතු වුවත් වත්මන් රජය යුක්තිය සහ තිරසරභාවය ගැන කතා කරන බවත් වත්මන් රජය පත් වූ පසු 3 වතාවක් පරිසර සහ වනජීවී ක්ෂේත්‍රයට අදාළව ඇමතිවරු 3 දෙනකු වෙනස් කිරීම තුළ එසේ යුක්තිය සහ තිරසරභාවය ගැන කතා කළ හැකි ද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ වන විටත් පරිසර සහ වන ජිවී ක්ෂේත්‍රයට අදාළ අමාත්‍යාංශ 2ක් ඇති බවත් මෙසේ එකම අමාත්‍යාංශය යටතේ මෙම අමාත්‍යාංශ 2 නොමැති වීම තුළ පරිසර යුක්තිය සහ තිරසරභාවය ගැන කතා කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා ලෙස තමාගේ මතය වන්නේ මෙම අමාත්‍යාංශ 2කම එකට ක්‍රියාත්මක විය යුතු බවත් සඳහන් කළේය.

2019 වත්මන් රජය බලයට පත්වන විට ස්මාර්ට් රටක් ගොඩනගනවා කිව්වත් ආව ගමන් විවිධ විෂයන් කොටස්වලට කඩා අමාත්‍යාංශ ඇති කර බවත් වත්මන් ජනාධිපතිවරයා පත් වූ පසු එය වෙනස් වනු ඇතැයි සිතුවත් එය එසේ සිදු නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) පාර්ලිමේන්තුවේ දී පරිසර, වනජීවී හා වන සංරක්ෂණ ක්ෂේත්‍රයට අදාළව පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...