විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එකඟතාවක් : බංකොලොත් භාවයෙන් මිදෙන්න ළඟයි – ෂෙහාන්

Date:

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සම සභාපතිත්වය දරණ නිල ණයහිමි කමිටුව (Official Creditor Committee – OCC) ශ්‍රී ලංකා රජය වෙත ප්‍රතිචාර දක්වා තිබේ.

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ ණය ප්‍රතිකර්ම සඳහා අනුකූල වන ප්‍රධාන පරාමිතීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයට එළඹ ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම එකඟතාව යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 5.9ක හිඟ රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිත ය.

“ඒ වගේම අපේ මූල්‍ය උපදේශකයින්, නීති උපදේශකයින් විසින් පෞද්ගලික ණය හිමියන් සමග ඒ කියන්නේ ISB හෝල්ඩර්ස්ලා සමග මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියලා ඔවුන් සමගත් එකඟතාවක් ඇතිකර ගනීවි. ඒ හින්දා අද මූලික එකඟතාවයන් ඇතිවෙලා තියෙනවා. මේක තමයි අපි බලාපොරොත්තු වුණේ. රජය විසින් ලබාදීපු සියලු එකඟතා සම්පූර්ණ කිරීමේ එක සන්ධිස්ථානයක් තමයි මේ පසුකරන්නේ. ඒ හින්දා අපට බංකොලොත්භාවයෙන් ඉවත් වීමට අවශ්‍ය සියලුම පදනම මේ වෙනකොට සකස් වෙලා තියෙනවා” යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...