පාස්ටර් ජෙරොම් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (01) දිනයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුව ප්‍රකාශයක් ලබා දීමට ලබා දීමට පැමිණි අතර ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි ඔහුගේ නීතිඥවරයා මාධ්‍ය වෙත පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙතයි ඔහු එලෙස අද දිනයේදීත් පැමිණියේ.

ජෙරෝම් ප්‍රනාන්දු දේවගැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුගිය (30) දිනයේදීත් පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දී තිබුණි.

පසුගිය (29) දින ඔහු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ අතර මුදල් ගෙවා පහසුකම් ලබා ගතහැකි VIP පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් අධිකරණ නියෝගයකට අනුව පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබුණි.

ඒ අනුවයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නේ.

ආගමික සහජීවනයට හානිකර ප්‍රකාශ සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් අනුව මෙම දේවගැතිවරයාට එරෙහිව විමර්ශනයක් වූ අතර එම විමර්ශනය අතරතුර ඔහු දිවයිනෙන් පිටව ගොස් තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...

ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 28...

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත...