මාතර කොටුවිලට දෙසැම්බර් 16 – 17 මාල දිවයිනෙන් සහ පකිස්තානයෙනුත් ප්‍රවීනයෝ එති

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): මාතර දිස්ත්‍රික් මලල ක්‍රිඩා සංගමය විසින් පවත්වන ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට මාල දිවයින සහ පකිස්තානය නියෝජනය කරන ප්‍රවින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එකතු වන බව එම මලල ක්‍රීඩා සංගමයේ සභාපති,ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් ඒකනායක් පවසනවා.නොවැම්බර් 30 වන දින මේ තරගාවලියට ඇතුළත් වීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය නිමා වුව ද,රුපියල් 500 ක ප්‍රමාද ගාස්තු සමඟ තව දුරටත් ඇතුළත් වීමේ ඉඩ කඩ පවතින බව සභාපතිවරයා සමාජ ජාලයට මුදා හළ වීඩියෝවකින් දන්වා සිටිනවා.


මෙහිදී අවුරුදු 35 සිට 85 දක්වා වූ ප්‍රවිනයෝ මෙම ක්‍රීඩා උළෙලට සහභාගීවිමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් නවාතැන් පහසුකම්,ආහාරපාන පහසුකම් සම්බන්ධයෙන් අවශ්‍යය තොරතුරු ලබා දීමටත්,තරගාවලිය සම්බන්ධයෙන් වන තොරතුරු ලබා ගැනීමටත් මාතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ ෆේස්බුක් ගිණුම හරහා මෙන්ම එහි දක්වා ඇති දුරකතන අංකයට සම්බන්ධවීමෙන් ද වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමේ හැකියාව තිබෙනවා.


https://web.facebook.com/profile.php?id=100046663967949 (ෆේස්බුක් ගිණුම)
මෙම ක්‍රීඩා ඉසව්වට ආධුනිකයන් සඳහා ද අවස්ථාවක් සළසා ඇති අතර අවුරුදු 20 සිට 30 දක්වා වයස් කාණ්ඩවල පිරිසිටද එ අනුව ඉසව් කිහිපයක් සඳහා අවස්ථාව සළසා දීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා..මේ සම්බන්ධයෙන් වෛද්‍ය ලාල් ඒකනායක සමාජ මාධ්‍ය වෙත නිකතු කර තිබෙන නිවේදනයෙන් වැඩි දුර තොරුතුරු ලබා ගැනීමට හැකි අතර අප එය ද මෙයට ඇතුළත කර තිබෙනවා.
https://web.facebook.com/100046663967949/videos/251890054268718/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...