අභයාරාම විහාරස්ථානයෙත් විදුලිය කපලා??

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, මෙරට බොහෝ නිවාස සඳහා මේ වනවිට විදුලිය විසන්ධි කිරීමේ රතු නිවේදන යවා ඇති බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ අභයාරාම විහාරස්ථානයේ අනීතිකව විදුලිය විසන්ධි කිරීමට ඇවිත් ඇති බවය.

මේ දිනවල අධික වැසි සමඟ ජලාශ පිරී යාමත් සමඟ ජලවිදුලි උත්පාදනය ඉතා ඉහළ ගොස් ඇති බවත් විදුලිබල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

නමුත් තත්ත්වය එසේ තිබියදී, රටේ ලක්ෂ 50කට රතු බිල් යවා ඇති බවත් එය සාධාරණ දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්නකළ අතර, ලක්ෂ 5ක පමණ ජනතාවගේ විදුලිය බලය විසන්ධි කර තිබෙන තිබෙන බවට තොරතුරු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...