තායිලන්තයේ ගැටුණ ලාංකේය යොවුන් බැඩිමින්ටන් තරු බැස යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): තායිලන්තයේ බැංකොක් හී ක්‍රියාත්මක Bat yonex pathumthani junior international series 2023 තරගාවලිය සඳහා එක් වී සිටින සියලු ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු ඊයේ සහ අද දින පැවති තරගවලදී බොඳව ගියා.ඊයෙ 15 න් පහළ බාලක තරග අංශයෙන් පිටියට පිවිසි හංස අමරසිංහ මැලේසියාවේ ඇල්වින් චුවා ඉදිරියේ 21 = 7 සහ 21 -11 ලෙස පරාජයට පත් වුණා.

අවුරුදු 19 න් පහළ බාලිකා අංශයෙන් තරග වැදුණ අභිමානී පත්මබණ්ඩාර පරාජයට පත් කරමින් ලකුණු 21 – 7 සහ 21 – 2 ක් ලෙස පහසු ජයක් අත් කර ගනිමින් තායිලන්තයේ ජිටප්හට් තනප්හුඩිත් ඉදිරි වටයට සුදුසුකම් ලැබුවා.ලකුණු 21 – 7 සහ 21 – 11 ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ බාලිකා තරග සඳහා එක්ව සිටි ලිහිරුනි කළුහෙන්දාවෙල තායිලන්තයේ විචුඩා වොන්ග්රන්ග් වෙතින් පරාජයට පත් වුණා.

අවුරදු 19 න් පහළ බාලක සුදුසුකම් ලැබීමේ වටයේ තරග වැද ඉදිරියට පැමිණි තෙසත් රාජපක්ෂ සහ සෙහන්දු තෙව්මික අද තරග බිමට පිවිස, තායිලන්තයේ වස්සාහොන් සිමියන්දි සහ ටනාක්රිට් සන්බුන්පෙන්ග් වෙතින් ලකුණු 21 – 13,21 – 19 ක් ලෙස පරාජයට පත් වුණා.අවුරුදු 19 න් පහළ බාලිකා අංශයෙන් තරගයට පිවිසි තිමීරා බොනිෆස් සහ ෆාතිමා හික්මා පරාජය කරමින් ලකුණු 21 – 7 සහ 21 – 3 ක් ලෙස ජය ගන්නට ඉන්දියාවේ ගයට්රි රාවත් සහ මනාසා රාවට් ට හැකියාව ලැබුණා.

අවුරුදු 19 න් පහළ බාලිකා යුගල තරගයේදී චීන තායිපේ කණ්ඩායම නියෝජනය කළ පින්ග් ජුන් චෙන්ග් සහ කායි යින්ග් ජුහාන්ග් විසින් ශ්‍රී ලංකාවේ මිනන්ගා අන්ජුනි සහ ගිහිරුනි කළුහෙන්දිවෙල පරාජයට පත් කරන්නට සමත් වුණා.එම තරගයේ ලකුණු සටහන දැක් වුණේ 21 – 15 සහ 21 – 6 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...