යුක්‍රේන යුද සටනේදී කපිතාන් රනිෂ් දිවි පුදයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යුක්‍රේනයේ යුද සටනේ නිරතව සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබලෙකු ලෙස කටයුතු කළ කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු , රුසියාව එල්ල කළ ප්‍රහාර හමුවේ මියගොස් ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ බව නිවේදනය කර ඇත්තේ ,  තුර්කියේ ඇන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් බව සඳහන් වේ. ඒ අනුව, රුසියානු කාලතුවක්කු ප්‍රහාර හමුවේ කපිතාන් රනිෂ් හේවගේ මියගොස් ඇති බව වාර්තා කර ඇත.

කපිතාන් රනිෂ් යුක්‍රේනයේ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර හමුදාවේ ලියාපදිංචි හමුදා වෘත්තිකයෙකු වේ.

වසර 12ක කාලයක් ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතාන් රනිෂ් හේවගේ  සේවය කර ඇති බව සඳහන් වේ.

2022 සැප්තැම්බර් මාසයේදී ඔහු නීත්‍යානුකූලව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත්ව ලුතිනන්වරයෙකු ලෙස කටයුතු කර ඇති බව තොරතුරු වාර්තා වේ.

කෙසේවෙතත් රුසියානු ප්‍රහාර හමුවේ මියගොස් ඇති බව කියන අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බව තව දුරටත් තොරතුරු වාර්තා වේ.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...