රටෙන් හොරකම් කර විදේශවල සඟවා ඇති සම්පත් නැවත රටට ගෙන එන්නයි නිදිමරාගෙන වැඩකළ යුත්තේ – සජිත්

Date:

මේ දිනවල රජයේ මැතිඇමතිවරු නිදිමරාගෙන වැඩ කරන බවට වාර්තා වෙන බවත් රටෙන් හොරකම් කර පිටරටවල තැන්පත් කර ඇති සම්පත් නැවත ලබා ගැනීමට මේ රටේ මූල්‍ය සම්පත දේපල හොරා කාපු පුද්ගලයන් සහ සම්පත් සොයා ගෙන නැවත එම සම්පත් රටට ගෙන එන වැඩපිළිවෙළකට නිදි මරාගෙන කටයුතු කළා නම් වඩාත් යෝග්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යම් කාලවකවානුවක දී විදේශ ප්‍රතිපත්තියේදී ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් සුරැකීමේ නාමයෙන් විවිධ පාර්ශ්වයන්ට ලංකාවේ මුදල් ගෙවා ඇති බවත් සුබේරි නම් පුද්ගලයා එවැනි කෙනෙක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රට බංකොලොත් කළ පාර්ශ්වයන් කවුරුන්ද යන්න මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනාවරණය කළ බවත් එම තීන්දුව අනුව කටයුතු කරමින් රටෙන් හොරා කන ලද සම්පත් සහ මුදල් නැවත රට තුළ ගෙන ඒමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (7) පාර්ලිමේන්තුවේදී කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරිම ගැන කතා කරන වත්මන් රජය කොරෝනා කොවිඩ් සමයේ මෙරට ඉස්ලාමීය ප්‍රජාවගේ මානව අයිතිය කඩ කරමින් ආදාහනය සහ භූමදානයද යන ගැටලුවේදී කටයුතු කළ බවත් සිංහල බෞද්ධ ඡන්ද නැති වේ යැයි කියා මේ කටයුතු සිදු කළත් සමගි ජන බලවේගය එවැනි ප්‍රතිපත්තියක් නොමැති බවත් සමගි ජන බලවේගය සිටින්නේ ශ්‍රී ලාංකේය ප්‍රතිපත්තිය තුළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැටලුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිවම සිදු කළ යුතු ක්‍රමවේදය කියා සිටියත් එයද නොතකා හරිමින් රජයේ මුස්ලිම් ජාතික ඇමතිවරු පවා එසේ කටයුතු කළත් සමගි ජන බලවේගය මුස්ලිම් සහ ඉස්ලාම් ප්‍රජාවගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අද පාර්ලිමේන්තුවට සහභාගී වීමේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊශ්‍රාල පලස්තීන ගැටුමෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටිමින් සාටකයක් පැළඳ ගෙන පැමිණි අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ ගැටුමින් මිය යන මව්වරු, දරුවන් ඇතුළු සිවිල් ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් එසේ කටයුතු කළ බව යි. එසේම මෙවැනි සාටකයක් පැළැදියේ පලස්තීන ජනතාව වෙනුවෙන් පමණක් නොව ලෝක සාමය වෙනුවෙන් බවත් කුමන ජන කොට්ඨාසයක් ජාතිකවාදය ආගම්වාදය ක්‍රියාත්මක කළත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...