නිල විදේශ සංචිත – නොවැම්බර් 2023

Date:

නොවැම්බර් මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,584 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 83ක් හා ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 108ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබුණු අතර නොවැම්බර් මාසය තුළද විදේශ සංචිත ඉහළ යාම මගින් පෙන්නුම් කරන්නේ එම මාසය තුළද යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය 2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 1,705 දක්වා පහත වැටී තිබුණු අතර 2023 ජූලි වන විට ඩොලර් මිලියන 3,765 දක්වා වර්ධනය කර ගැනුණා. එහෙත්, බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමෙන් පසුව ආසන්න වශයෙන් එපමණකින් පහත වැටුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, 2023 අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,431 දක්වා වර්ධනය කර ගත යුතුයි. මේ සඳහා මෙම මාසය තුළ ඩොලර් මිලියන 847ක සංචිත එකතු කර ගත යුතුයි. ඉදිරි සතිය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබුණද, ඉලක්කයට යාම සඳහා තවත් ඩොලර් මිලියන 500ක් පමණ සොයා ගන්නට වෙනවා. ඇතැම් විට ආසියානු සංවර්ධන බැංකුවේ ණයකින් එම අඩුව පුරවා ගැනීම සැලසුම විය හැකියි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...