ඇමති ප්‍රසන්න සහ විපක්ෂ නායක අතර පාර්ලිමේන්තුවේ උණුසුම් වචන හුවමාරුවක්!

Date:

කොළඹ LNW:විපක්ෂය විසින් ඊයේ දිනයේදී වැට් බදු විවාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඝණ පූර්ණය නැති කර,හිතාමතාම විවාදය කඩාකප්පල් කර වගකීමක් නොමැති ආකාරයට හැසිරුණ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (11) පාර්ලිමේන්තුව ආරම්භ වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිලිතුරු දෙමිනි.

ඉරිදා දිනයේදී එම විව්දය පැවැත්වීමට කටයුතු කළේද විපක්ෂයේ වුවමනාවට වන අතර පාර්ලිමේන්තුව පවත්වන්න එක දවසකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කරන බව රණතුංග මහතා සඳහන් කළේය.

”මේ විවාදයෙන් රටට ප්‍රතිලාභයක් ලැබෙන නිසා අපි විවාදය පවත්වන්න කැමති වුණා. දවස් දහයක් පාර්ලිමේන්තුවේ සේවකයෝ එක දිගට වැඩ කරනවා. ඒක පහසු දෙයක් නෙවෙයි. නමුත් විපක්ෂය හිතා මතාම මේ විවාදය කඩා කප්පල් කළා. ඒ නිසා තමයි ඔවුන් පාර්ලිමේන්තුවේ ඝණ පූර්ය නැතිකර ගත්තේ. ඒකට කමක් නෑ. අද දිනයේදීත් කාරක සභා අවස්ථාවේදිත් ඔවුන්ට සම්පූර්ණ කාලය ලබාදෙනවා. මේ ගොල්ල රටට පෙන්වන්න හදනවා ආණ්ඩුව මේ විවාදයට කැමති නෑ කියලා. විපක්ෂය වගකීමක් නැති ආකාරයට හැසිරුණා. විපක්ෂ නායකතුමනි, මැයි මාසේ 9 වැනිදා මුළු රටම ගිණි ගත්තා. අපි හිටියේ පෝලිම්වල. අත්‍යාවශ්‍ය භාණ්ඩ තිබුණේ නැහැ. දැන් රට යම් ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ප්‍රසන්න රණතුංග මහතා විසින් සභාවත්, රටත් නොමඟ යවමින් තිබෙන බවයි. කාරක සභා අවස්ථාවේදි විවාදය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ විපක්ෂයට වන නමුත් ඉරිදා පැවතියේ කාරක සභා අවස්ථාව නොවන බව ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

”ගරු කතානායකතුමනි, විපක්ෂනායකතුමාට ඔළුවක් නෑ කියල මිනිස්සු කියනවා. මම ඒක පිළිගන්නේ නැහැ. ඉරිදා විවාදය තිබුණේ විපක්ෂයේ ඉල්ලීමටයි. අපි කිව්වේ සතියේ දවසක පැය දෙකතුනක් විවාද කරමු කියලයි.” යනුවෙන් ඊට පිළිතුරු ලෙස ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී කතානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ”කරුණාකරල මේ විවාදය නතර කරන්න. මේ හදන්නේ අදත් කාලය නාස්ති කරන්නයි.” යනුවෙනි.

”ප්‍රසන්න රණතුංග ඇමතිතුමාට කතා කිරීමේ අයිතිය තිබෙනවා. අපිටත් පිළිතුරක් ලබාදෙන්න අවස්ථාව ලබාදෙන්න ඕන. වැට් එක වැඩි කරන්න වුනේ ඇයි?. රට බංකොලොත් කරපු නිසයි. රට බංකොලොත් කලේ පොදු ජන පෙරමුණයි.” යනුවෙන් තවදුරටත් විපක්ෂ නායකයා අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?