ක්‍රිකට් වැරදි හදන උපදේශකකම සනත් ට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): වහාම ක්‍රියාත්මක වන පරිදි සනත් ජයසූරිය වසරක කාලයක් සඳහා ‘ක්‍රිකට් උපදේශක’ පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර ඇත.මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද මෙවැනිම අධීක්ෂණ කමිටුවක් ප්‍රධානියා ලෙස සනත් ජයසූරිය පත් කළ අතර,නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අසාර්ථක වෙද්දී ඔහු සිටියේ ඒවා සම්බන්ධ විවේචනය කරමින් විනා,එම තනතුර කිසිහ ආකාරයකින් බල නොපෑ තත්ත්වයකය.ඔහු ඊට පෙර ද ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු එම තනතුර දැරූ සමයේ විශාල ක්‍රීඩක කණ්ඩායමකට ජාතික කණ්ඩායමේ දොර විවර කර දීමට ක්‍රියා කළ අතර,ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ පිරිස ප්‍රමාණයෙන් ඉහළ ගියත්,ඔහුට ඊට සාපේක්ෂව කණ්ඩායමේ ජයග්‍රහණ ඉහළ දැමීමට නොහැකි විය.සමහර විට ඔහු තුළ ඒ සම්බන්ධයෙන් දීර්ඝකාලීන සැළස්මක් තිබෙන්නට ඉඩ ඇතත්,එවැනි තනතුරු සදාකාලික ඒවා නොවේය.


සනත් ජයසූරියට දැන් පැවරී ඇති වගකීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ජාතික වැඩසටහන් සාක්ෂාත් කර ගැනීම මෙන්ම,ක්‍රීඩක තත්ත්වය ප්‍රශස්ත වෘත්තීය මට්ටමක් කරා ළඟා කරමින් සියලුම ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කිරීම සිඳු කිරීමට අවස්ථාව හිමි වේ.

ඒ අනුව, ඔහු සමග පෙලගැසී ඇති සියලුම කණ්ඩායම්වල පහත සඳහන් ආකාරයට පුහුණු සහ පුහුණු අවශ්‍යතා අධීක්ෂණය කරනු ඇත
ඉහළ කාර්ය සාධන මධ්යස්ථානය, පුද්ගල කුසලතා සංවර්ධන උපාය මාර්ග ක්රියාත්මක කිරීම
පවතින ක්‍රීඩක සංවර්ධන සැලැස්මට අනුකූලව, සහ සියලුම ක්‍රීඩක වාර්තාකරණයට අනුකූල වීම.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කළමනාකරණ පද්ධතිය සමඟ සමපාත විම.
ඔහු ප්‍රධාන කාර්ය මණ්ඩලය ප්‍රධාන භූමිකාවන්ට අනුගත වූ ජාතික විශේෂඥ කුසලතා වැඩසටහන් ද ස්ථාපිත කරනු ඇත.


ජයසූරිය වහාම සිය නව භූමිකාවේ වැඩ භාර ගනිමින් උසස් දක්ෂතා නියාමනය කිරීමේ අංශයේ සිට සිය වැඩ කටයුතු මෙහෙයවනු ඇත. ගෙවුනු ලෝක කුසලාන තරගාවලිය තුළ අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා හොඳින්ම අවබෝධ කර ගත් හිටපු ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩක සහ කණ්ඩායම් සැළසුම් ගැන විවේචන තිබුණ සනත් ජයසූරියට මෙම තනතුර හිමිවීමෙන් ඔහු දුටු ජයග්‍රහණයට අවශ්‍යය වූ බොහෝ සැළසුම් සකස් කර ක්‍රියාවට නංවන්නට ලැබෙන අවස්ථාව අගය කළ යුතු එකකි.අපි සනත්ට සුබ පතන අතරේම ඔහු ඔහු විසින්ම හඳුනාගත් අඩු පාඩු නිවැරදි කරන්නට දරන කැපවීම සහ එහි සාර්ථකත්වය දෙස ද අපි විමසිල්ලෙන් බලා සිටින්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...