පොහොට්ටුවේ දෙවැනි ජාතික මහා සම්මේලනය අද. ලොකු වෙනසක් නොවෙන හැඩ

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අද (15) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සම්මේලනය අද පස්වරු 01.00 ට ආරම්භ වීමට නියමිත ය.

මෙහිදී පක්ෂයට නව සභාපතිවරයකු පත්කර ගැනීමට නියමිතව ඇති බව වාර්තා විය. පක්ෂ නායකත්වය, පක්ෂ මහලේකම්, ජාතික සංවිධායක යන තනතුරු ද අලුතින් පත්කෙරෙනු ඇති බවට මීට පෙර ආරංචි පැතිර ගොස් තිබුණු නමුත් එම තනතුරුවල වෙනසක් මේ මොහොතේදී සිදුනොකිරීමට පක්ෂයේ ප්‍රධානීන් තීරණය කර ඇති බව සඳහන්.

මෙම සම්මේලනයටම සමගාමීව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙනු ඇති අතර එහිදී පක්ෂ ව්‍යවස්ථාවේ යම්යම් වෙනස්කම් කිහිපයක් සිදුකෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

අද පැවැත්වෙන සම්මේලනයට පක්ෂයේ මැති ඇමතිවරුන්, ප්‍රාදේශීය සංවිධායකවරුන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වනු ඇති අතර අනුබද්ධ සංවිධාන සහ සන්ධානගත පක්ෂවල නියෝජිතයින් ද ඊට එක්වනු ඇත.

එසේම මෙම සම්මේලනය වෙනුවෙන් කොළඹ මෙන්ම දිවයින පුරා නගර රැසක සැරසිලි කටයුතු සිදුකර ඇති අයුරු ද පසුගිය දින කිහිපය තුළ දැකගත හැකිවිය.

බුලත්සිංහල
මැදිරිගිරිය
නිවිතිගල
අනුරාධපුර
රත්තොට

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...