නිදහසේ බෙදීමක්. ඩලස් තනිකර 10ක් සජබ සන්ධානයට

Date:

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ ලොකු බෙදීමක් සිද්ධවෙලා කියලා ආරංචියි.

ඒ අනුව, ඩලස්ව තනිකරලා නිදහසේ කට්ටියගෙන් 10 දෙනෙක් විතරම සමගි ජන බලවේගය ගොඩනඟන නව සන්ධානයට එකතු වෙන්න තීරණය කරලා ලු.

පසුගිය දවසක මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් නිදහස කණ්ඩායමේ රැස්වීමක් තිබිලා තියෙනවා. එතැනදී කට්ටිය කතා වෙලා තියෙන්නේ විපක්ෂයේ පුළුල් සන්ධානයක් හදන්න පහුගිය අවුරුදු එකහමාරක් තිස්සේ නිදහසේ කට්ටිය කරපු වැඩ ඔක්කොම වතුරේ ගියේ ඩලස් වැනි වැනී හිටපු නිසා කියලා ලු. ඒ අනුව තවදුරටත් නිදහස ජනතා සභාව පවත්වාගෙන යන එකේ තේරුමක් නැති නිසා එතන ඉන්න මන්ත්‍රීලා හැමෝම තනි තනිව දේශපාලන තීන්දු ගමුයි කියලා කතා වුණා ලු.

ඒ කතාවේ හැටියට ඩලසුයි චරිත හේරතුයි හැර අනෙක් මන්ත්‍රීවරුන් 10 දෙනෙක් විතරම සජබ සන්ධානයට එකතු වෙන්න තීරණය කරලා ලු. ජී. එල්. පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා මේ කණ්ඩායමට ඇතුළත් ලු.

රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව සජබ විතරක් නෙවෙයි ජාතික ජන බලවේගයත් එකතු කරගෙන තනි පෙරමුණක් හදන්න ඕනෙ කියන මතයේ ලු ඩලස් ඉන්නේ. ඕක ගැන ජාජබත් එක්ක සාකච්ඡා කරන්න ගිහින් ඩලස් පිලට ලොකු හෑල්ලුවකට ලක්වෙන්නත් වුණා පහුගිය දවස්වල. නිදහස ජනතා සභාව කැඩෙන්න ඕකත් ලොකු හේතුවක් වුණා.

කොහොම වුණත් නිදහසේ කට්ටියගෙන් දෙතුන් දෙනෙක් නිමල් ලන්සාගේ කණ්ඩායමට එකතුවෙන්න යන කතාවකුත් තියෙනවා. ඒක කොහොම වෙයිද කියලා දැන්ම කියන්න අමාරුයි. බලාගෙන ඉන්නයි තියෙන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...