ඇඩ්වර්ටයිසිං ලෝකය තුල ලිව්වේ ඈත අතීතයේ සිදු වූ දේවල්.
ඒත් අද ලියන්නේ මෑත අතීතයේ සිදු වූ යමක් ගැන.
ඒ, ෆීනික්ස් ආදි වාසින්ගේ යලි හමුවීම ගැන.
ඒකට පූර්විකාවක් හැටියට ෆීනික්ස් එකේ තිබ්බ මැජික් එක මොකක්ද කියන තැනින් පටන් ගන්න එක තමයි හොඳ කියලා හිතෙනවා.
මැජික් එක වෙනුවට ආකර්ෂණය කියන වචනය යොදන්න ඇඩ්ඩා කැමැතියි.
ෆිනික්ස් එකේ තිබ්බ ආකර්ෂණය මොකක්ද ?
ඒ ප්‍රශ්නයට හොඳම උත්තරය ලැබෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු මෙන්ම වෙළෙඳ සේවයේ ප්‍රථම ශ්‍රී ලාංකික අධ්යක්ෂවරයා වූ ලිවි විජේමාන්න ගෙන්.
ලිවි විජේමාන්න ගේ පුත්‍රයා වූ ධනරාජ්ව රැකියා පුහුණුව පිණිස මුලින්ම යොමු කරන්නේ ෆීනික්ස් වෙත.
දිනක් අර්වින් වීරක්කොඩිට ඔටස් ක්ලබ් එකේදී ලිවි විජේමාන්නව හමුවෙනවා.
ඒ ෆීනික්ස් එක යන්තං ඔලුව උස්සන්න හදන කාලේ.
කාර්ය මණ්ඩලයෙත් 12 දෙනෙක් විතර ඉන්නවා.
” ෆීනික්ස් එක මේ තැනට ගේන්න ඔබ අරගල කරන හැටි මම දැක්කා. ඒ වගෙ අරගල කරන තැනක මගේ පුතා පුහුණු වෙනවට මම කැමැතියි.”
අර්වින් එදා ලිවී ගෙන් මෙහෙම අහනවා.
” ලංකාවේ ලොකු ඒජන්සි මෙච්චර තියෙද්දි, ඒ ඒජන්සිවල ලොක්කෝ සේරම අඳුනද්දි පුතාව එවන්න ෆීනික්ස්ම තෝරගත්තේ
ඇයි? “
ඒකට ලිවී අපූරු උත්තරයක් දෙනවා.
ෆීනික්ස් ආදී වාසීන්ගේ හමුව දා අර්වින්ට කියන්න අමතක වූ මේ කතාවෙන්ම ඒ හමුව ගැන කතා කරමු.

බෝධි, ස්වන්ත, දයාන්, ගාමිණී, සජිත්, සැන්ඩ්‍රා
ලංකාවේ නමගිය කලාකරුවන්ගේ, රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ, ව්‍යාපාරිකයන්ගේ සහ දේශපාලකයින්ගේ දරුවන්ට ඇඩ්වර්ටයිසිං ලෝකයේ අත්පොත් තබන්නට ෆීනික්ස්ම තෝරාගැනීමට හේතුව ලිවී විජේමාන්නයන්ගේ ප්‍රකාශය තුල සැඟවී ඇතැයි සාධාරණ නිගමනයකට එන්න පුළුවන්.
ජාතියේ මහා කලාකරු වූ අමරදේවයන්, කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, සරත් අමුණුගම, කේ.එච්. ජේ. විජේදාස, රවින්ද්‍ර රන්දෙණිය, හිටපු මුද්‍රණාලාධිපති නෙවිල් නානායක්කාර, TNL අධිපති ශාන් වික්‍රමසිංහ, උපාලි අත්තනායක, වසන්ත ඔබේසේකර, මහාචාර්ය ඒ.ජේ.ගුණවර්ධන, අධිනීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න, රවීන්ද්‍ර ගුරුගේ මෙසේ ෆීනික්ස් වෙත තම දරුවන් භාර දුන් යෝධ පියවරුන් කිහිප දෙනෙකි.
මේ ලිස්ට් එක තවත් දික්වනවා මිස කෙටි වන්නේ නම් නැත.
ඇන්ඩෘ – අර්වින්
අර්වින් නිතර කියූ දෙයක් වූයේ කොපියක් ලියද්දී පොඩි ‘ විසයක්’ තිබිය යුතු බවයි.
එවැනි විසේකාර මිනිසුන් රැසකින් ෆීනික්ස් එක වර්ණවත් විය.
පසුගිය දෙසැම්බර් 12 වැනිදා රාත්‍රිය වෛවර්ණ වූයේ හතර දිග්බාගෙන්ම පැමිණි එකී වර්ණවත් මිනිසුන්ගෙනි.
මේ වෙනකොට අමු සිංදු කියන වර්ගය ජනප්‍රිය වෙමින් පවතිනවා.
උපාලි, බැසිල්
හැබැයි දැන්වීම් කලාවට අමු සිංහල හඳුන්වා දුන්නේ ෆීනික්ස් එකෙන්.
ඒකට ඉඩ හදලා දුන්නේ ෆීනික්ස් මුල් පුටුවේ වැජඹුණු ‘ඇත්ත ‘ පත්තරේ හිටපු පාර්ලිමේන්තු වාර්තාකරු වූ අර්වින් වීරක්කොඩිමයි.
ඒ කාලේ ෆීනික්ස් එකේ නිර්මාණය වූ දැන්වීම්වල එන අමු සිංහල හෙඩ්ලයින් දැකලා වෙන ඒජන්සිවල මිනිසුන් හීල්ලුවේ ඒකයි.
වැඩියෙන්ම සන්තෝසෙන් හිටපු මිනිස්සු හිටියේ ෆීනික්ස් එකේ.
ෆිනික්ස් ආදිවාසී හමුවේදී ඒක ඔප්පු වුණා.
අර්වින් , ග්ලෙන්ඩා
අර්වින් ගේ සිට එහි පැමිණි බොහෝ දෙනා වයසට ගිහින් තිබුනේ නෑ.
මීට අවුරුදු 10 කට 15 කට පෙර අවසන් වරට දුටු ස්වරූපයෙන්ම යලි ඔවුන්ව දැකගන්න ලැබුනා.
හවසට වැඩ ඇරිලා ස්ටුඩියෝ එකට වෙලා සිංදුවක් දෙකක් කියාගෙන ගෙදර ගිය මිනිස්සු වයසට යන්නේ කොහොමද ?

සුමන්ටෝ හා දිලීප
මේ හමුවට සුමන්ටෝ ඉන්දියාවේ ඉදලා එනකොට ස්වන්ත ඇමරිකාවේ ඉදලා ආවා.
ශිරානි සෝන්ඩර්ස් ඔස්ට්‍රේලියාවේ ඉදලා ආවා.
අර්වින්, ශිරානි
මේ සියලු පැමිණීම් අතර ඇන්ඩෘ සැමුවෙල්ගේ පැමිණිම ඉහළින්ම අගය කරන්න වෙනවා.
ආදිවාසීන් 100 කට එහා පැත්තේ ගාණක් අවසානයේ ඇවිත් තිබුනා.
ප්‍රියා, නදී, මිෂෙල්
මේ සියලු දෙනා යලි එකතු කරන්න ස්පෙන්සර් විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා.

ස්පෙන්සර්
ස්පෙන්සර් මේක සංවිධානය නොකරන්නට, අර්වින් අපේ කෑම බිල නොගෙවන්නට මේ දිනය තව හුගක් ඈතට යන්න තිබුනා.
කොහොම වුණාත් ඒ වගේ දවසක් නම් ආයේ නොඑන්න පුළුවන්.
සොරුබන්, සැන්ඩ්‍රා
හැබැයි අනෙක් ප්රචාරක ආයතනවලත් ආදිවාසීන් ඉන්න බව අවසන් වශයෙන් සටහන් කළ යුතුමයි.

සරත් පෙරේරා, චමින්ද ගමගේ, උපාලි හේරත්

රජීව්
කපිල කුමාර කාලිංග, විජේබණ්ඩාර

නාමලිකා, රංජි
නලින්, ග්ලෙන්ඩා, රන්දීව්
(ඇඩ්ඩා විසින් ලියන ලදි)
