පෙනුමට යටවුණු එයාර් හොස්ටසස් තේරිල්ල!

Date:

කොළඹ (LNW):පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සමාගම, ‘මුහුණේ කුරුලෑ හෝ රෙද්දක් අඳින විට කැළැල් නොපෙනෙන තරුණියන් 106 දෙනෙකු පසුගියදා ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගත් බව ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් තරුණියන් 6000ක් පමණ අතරින් මෙම ගුවන් සේවිකාවන් 106 දෙනා තෝරාගෙන තිබේ.

ගුවන් සේවිකාවන් ලෙස දිවයිනේ නන් දෙසින් කාන්තාවන් පැමිණි අතර සෑම දිස්ත්‍රීක්කයකින්ම ගුවන් සේවිකාවන් බඳවා ගන්නා මෙන් අමාත්‍යවරයා උපදෙස් දී තිබිණි.

අමාත්‍යවරයා පවසන පරිදි සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලත් කාන්තාවන් කිහිප දෙනෙකු සහභාගී වූ නමුත් ඇතැමුන්ගේ මුහුණේ “කුඩා කුරුලෑවක්” හෝ රෙද්දක් අඳින විට කැළැලක් පෙනුණු අයවලුන් එහිදී ප්‍රතික්ෂේප වී ඇත.

2023 අගෝස්තු 1 වන විට වයස අවුරුදු 18 සහ 27 අතර වීම, අ.පො.ස. සා/පෙළ විභාගයේදී විෂයන් හයක් සමත් වී තිබිය යුතු වීම, විශේෂයෙන් අවම වශයෙන් C සාමාර්ථයක් තිබිය යුතු වීම, ඉංග්‍රීසි හෝ වෙනත් ඕනෑම විදේශීය භාෂාවක් චතුර ලෙස භාවිතා කිරීම අමතර වාසියක් වීම ප්‍රකාශ කර ඇති තෝරා ගැනීමේ නිර්ණායකයන් විය.

අනෙකුත් අවශ්‍යතා අතර අවම උස සෙන්ටිමීටර 157.5 ක් සහ ඇඟිලි මත සිටගෙන සිටින විට අවම වශයෙන් සෙන්ටිමීටර 212 ක් විය යුතුය; ශරීරයේ BMI අගය සුදුසු මට්ටමේ තිබිය යුතු වීම සහ අපේක්ෂකයා ඔසරියකින් සැරසී ‘U’ හැඩැති කොන්දක් සහිත කොට අත් සහිත ජැකට් එකක් හැඳ සම්මුඛ පරීක්ෂණයට පැමිණිය යුතුය.

ගුවන් සේවිකාවකට ‘හොඳ පෙනුමක්’ සහ ‘සුදු සමක් ‘ අනිවාර්‍යයෙන්ම තිබිය යුතුයි’ වැනි ඔලුවෙන් හදාගත්ත නිර්ණායක කොහෙවත් සඳහන් වී නොමැත.

ගුවන් සමාගම් සොයන්නේ විශ්වාසවන්ත, හොඳ අන්තර් පුද්ගල කුසලතා ඇති, ඉවසිලිවන්ත, සංවේදී, කරුණාවන්ත, කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස වැඩ කිරීමට හැකියාව ඇති ගැහැණු ළමයින් ය.

අවාසනාවන්ත ලෙස ශ්‍රීලංකන් එයාර් ලයින්ස් වැනි ආසියාතික ගුවන් සමාගම් සෞන්දර්යාත්මක වටිනාකම් වැදගත් යැයි තවමත් විශ්වාස කරන කොට්ඨාශයකි.

අපේක්ෂකයින් උස සහ බර අනුව ඇගයීමට ලක් කරනු ලබන අතර පසුව සම පරීක්ෂා කිරීමෙන් පසුව ගැටලුවක් ඇතොත් ඔවුන්ව කපා හැරීමට තේරීම්භාර නිලධාරියෝ මාන බලා සිටිති.

පෙනුම අනුව; ගුවන් සේවිකාවන්ට හොඳ සමක් තිබිය යුතුය (පැහැදිලි කුරුලෑ / කැළැල් නොමැති) හොඳ දත් කට්ටලයක් තිබිය යුතුය, නිල ඇඳුමේ/මුහුණේ අත්/කකුල්/ගෙල පිටුපස/පපුවේ නිරාවරණය වූ කොටසෙහි කැළැල් නොතිබිය යුතුය.

නිරෝගී හිසකෙස් හෙවත් වර්ණ ගැන්වූ හිසකෙස් වලට වඩා ස්වභාවික හිසකෙස්වලට වඩාත් කැමති බවත්, BMI අගයක් හරියටම බලන්නේ නැති බවත්, සිහින් සහ නිල ඇඳුමට හොඳින් ගැලපෙන ශරීරයක් තිබෙනවානම් ඇති බවත් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කියා සිටියේය.
ප්‍රතික්ෂේප වූ කාන්තාවන් තමන් තෝරා නොගත් බව පවසමින් අඬ අඬා අමාත්‍යාංශයට පැමිණෙන බවත් අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේ හරි උජාරුවෙනි.


ඉදිරියේදී ගුවන් සේවයෙහි සම්මුඛ සාකච්ඡා වලට පැමිණීමට නියමිත තරුණියන්ට තමාගේ උපදෙස වන්නේ ගුවන් සේවිකාවක් වන තරමට හොඳ පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගේ සම ගැන සොයා බලා සුදුසු ක්‍රීම් එකක්වත් ආලේප කරන ලෙස බව ඔහු පැවසීය.

ඕනෑම කාන්තාවකට තමන්ට ආවේණික ලස්සනක්, හැඬක් තිබෙන අතර ඒවා පහතට දමා “පොත්ත සුදු වාදය” අද ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල බහුලව දක්නට ලැබෙන බවට හොඳම නිදසුන මෙය ලෙස අපට ගත හැක.

අනෙක් අතට ප්‍රසිද්ධියේ මෙලෙස ගැහැණුන්ගේ ලස්සන විවේචනය කරන්න පිරිමියෙක්ට අයිතියක් නොමැත. ගැහැණු ඉන්නේ ගෙයි මුල්ලට වෙලා වලන් පිඟන් සෝදන්නවත්, පිරිමියෙක්ට බාල්ඳු වෙන්නවත් නොවේ යැයි මෙතුමාට පසක් කර දෙමින් ලිංගවාදය ඉස්මතු කරන මෙවැනි ප්‍රකාශ සිදු කිරීම අසාධාරණ බව පැවසිය යුතුය.

PuLi

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...