ඊශ්‍රයලය මිලේච්ජත්වය වපුරයි – ජබාලියා කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් 90ක් ජිවිතක්ෂයට!

Date:

කොළඹ LNW:ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 90 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ රෝහල්වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ජබාලියා සහ නුසෙයිරාට් සරණාගත කඳවුරුවලට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිත හානි රැසක් සිදුව තිබේ.

දකුණු ගාසා හි රෆා දේශ සිමා ආසන්නයේ කුසගින්නෙන් පෙළෙන පලස්තීනුවන් ජලය හා ආහාර ලබා ගැනීම සඳහා ආධාර ට්‍රක් රථ කොල්ල කන බවද මාධ්‍ය වාර්තා කරමින් සිටියි.

මේ අතර ඊශ්‍රායල එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

අල්ජසීරා මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කළ සේමර් අබුඩාකා මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා ගොණුකරන බවයි අල්ජසීරා මාධ්‍ය ජාලය සදහන් කරන්නේ.

ඊශ්‍රායලයේ දැඩි බෝම්බ ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා සිටි කැමරා ශිල්පියා වෙතට සෞඛය අංශවලට ළගා වීමට නොහැකි වී ඇති බවද වාර්තා වෙයි. ඒ අනුව එය හිතා මතා සිදුකළ ඝාතනයක් බවටයි අල්ජසීරා මාධ්‍ය ජාලය අවධාරණය කරන්නේ.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 18,787ක් මිය ගොස් ඇති අතර පලස්තීන ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ 1,140කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...