අර්බුධය රුසියානු ආර්ථිකයට දැනෙන්න පටන් අරගෙන

Date:

රුසියාව සිය මුදල් ඒකකයේ අගය පහත වැටීම නැවැත්වීම සඳහා එහි පොලී අනුපාතය 20% දක්වා දෙගුණයකටත් වඩා වැඩි කර ඇත.නව බටහිර සම්බාධකවලින් පසු රූබල් 30% පහත වැටීමෙන් පසු රුසියාවේ බැංකු 9.5% සිට අනුපාතය ඉහළ නැංවීය. අගය කඩාවැටීම මුදල් ඒකකයේ මිලදී ගැනීමේ ශක්තිය අවම කරන අතර සාමාන්‍ය රුසියානුවන්ගේ ඉතුරුම් මෙමගින් අර්බුධයට ලක් වේ.මුදල් යන්ත්‍රවල පෝලිම්වල ඡායාරූප, පසුගිය සති අන්තයේ මධ්‍යය තුල පල විය. රුසියාව පැවසුවේ සම්බාධක නෙතකා හිඳිමට අවශ්‍ය සම්පත් තමන්ටඇති බවයි.

සඳුදා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ ආර්ථික උපදේශකයින් අතර හදිසි රැස්වීමකට පෙර, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ,“මෙවැනි ආකරයේ දැඩි සම්බාධක ගැටළු සහගත වූවත් මෙම සම්බාධක වලින් සිදුවන හානියට වන්දි ගෙවීමට රුසියාවට අවශ්‍ය තරම් හැකියාව ඇති බවත්ය” රුසියාව තමන්ගේම සම්බාධකවලින් ඊටප්‍රතිචාර දක්වන බවත් ඔහු පැවසීය.සති අන්තයේ, නව ජාත්‍යන්තර මූල්‍ය සම්බාධක සිය බැංකුවලට බලපෑම් කාරි වුවත් එය නොතකාහරිමින් රුසියාවේ මහ බැංකුව ජනතාවට සන්සුන් වීම සඳහා නිවේදනයක් නිකුත් කළේය. “මූල්‍ය ස්ථායිතාව පවත්වා ගැනීමට අවශ්‍ය සම්පත් සහ මෙවලම්” තමන් සතුව ඇති බව එහි සඳහන් වෙයි.

ඉරිදා සමාජ මාධ්‍යවල වීඩියෝ දර්ශන දිස් වූයේ මොස්කව්හි මුදල් යන්ත්‍ර සහ මුදල් හුවමාරු මධ්‍යස්ථානවල දිගු පෝලිම් සෑදි ඇති ආකාරයයි.ඔවුන්ගේ බැංකු කාඩ්පත් ක්‍රියා කිරීම නවත්වනු ඇතැයි හෝ ඔවුන්ට ආපසු ගත හැකි මුදල් ප්‍රමාණයට සීමාවන් පනවනු ඇතැයි ජනතාව කනස්සල්ලට පත්ව ඇත.

අර්ධ නාගරික සමහර වෙලඳසැල්වල පෝලිම් දක්නට ලැබෙන අතර.යුක්‍රේන අර්බුදය නිසා රූබල් අවප්‍රමාණය වීමෙන් භාණ්ඩ විශාල මිල වැඩිවීමකට ලක්වන බවට ජනතාව අවදානයෙන් පසුවේ.එක්සත් රාජධානිය, එක්සත් ජනපදය හා යුරෝපා සංගමය සමග දැනටමත් රුසියාවේ බැංකු බටහිර මූල්‍ය වෙලඳපොලවලින් කපා හැර ඇති අතර, එරට මහ බැංකුව, රජය සතු ආයෝජන අරමුදල් සහ මුදල් අමාත්‍යාංශය සමඟ ගනුදෙනු කිරීමද එම සංගම් තහනම් කර ඇත.රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් දැඩි ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කිරීමට එක්සත් රාජධානියේ මුලික වැයමක්.රුසියාවේ ඩොලර් බිලියන 630 (පවුම් බිලියන 470) පමණ සංචිත ඇත එමෙනම ඔවුන් ඉහළ යන තෙල් සහ ගෑස් මිල ගණන් වලින් සිය ආර්ථික සංචිත ස්ථාවරව රඳවාගෙන ඇත.

නමුත් මින් මුදල් විශාල ප්‍රමාණයක් ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් මෙන්ම රත්‍රන් වැනි විදේශ මුදල්වල ගබඩා කර ඇති නිසා, රුසියාවේ මහ බැංකුව සමඟ ගනුදෙනු කිරීම බටහිර තහනමත්සමගින් මොස්කව් වෙත මුදල් ප්‍රවේශ වීම සීමා කාරී වී තිබේ.

පසුගිය සඳුදා රුසියානු මහ බැංකුව කියා සිටියේ රුසියානු ආයෝජන විකිණීම සඳහා විදේශීය නීතිමය ආයතන සහ පුද්ගලයින් විසින් සියලුම නියෝග ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස තැරැව්කරුවන්ට නියෝග කර ඇති බවයි.

SAHAN HEWAGAMAGE – OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ජනමතයට හිස නමා පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු – යතුරු පැදි පෙළපාලියක්! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට සහය දක්වමින් අද (23) සමාජවාදී තරුණ සංගමය...

අල්ලස් කොමිසම හමුවට ආ ඇවන්ගාඩ් සභාපති!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අල්ලස් කොමිසම...

කළුතර මහනගර සභාවේ නව නගරාධිපතිධූරය NPP එස් එච් ධනුජට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : කළුතර මහනගර සභාවේ...

සජින් වාස්ට වරෙන්තු!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට...