ඇමතිගේ අල්ලපු වැටේ පාසල ඇතුළු දකුණේ පාසල් 22ක ලයිට් කපලා !

Date:

දකුණු පළාතේ රජයේ පාසල් 22ක විදුලිය විසන්ධි කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

“මේ පාසල් අතර – අපි දන්නවා කොටුවේ ජනාධිපති විද්‍යාලයේ තාප්පෙන් එහා පැත්තේ ඉන්නෙ කවුද, කාංචන විජේසේකර ඇමතිවරයා. මහමායා බාලිකා විද්‍යාලය, උයන්වත්ත ආදර්ශ ප්‍රාථමිකය, මේ වගේ මාතර නගරයේ පාසල් පහක් ඇතුළු පාසල් 22ක විදුලිය විසන්ධි කරලා තියෙන්නෙ. හේතුව තමයි කලාප අධ්‍යාපන කාර්යාලයට විදුලි බිල් ගෙවන්න සල්ලි නෑ ලු. මේ ලෑස්ති වෙන්නෙ රජයෙන් ලබාදුන්නු ප්‍රතිපාදන නවත්වලා සම්පූර්ණයෙන්ම දෙමව්පියෝ හරහා විදුලි බිල ගෙවන්න”

ජෝසප් ස්ටාලින් මහතා මේ බව පැවසුවේ ඊයේ (19) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...