*
Friday, September 20, 2024
spot_img

Latest Posts

සුව සේවයට තවත් පිරිසක් එක්වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සුවපත් ජාතිකයක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාම වෙනුවෙන් ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, පාසල් දන්ත චිකිත්සකයින්, අංගාදේශක හා ඍජුකරණඥයින් සුව සේවාවට එක් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානොත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් දීර්ඝකාලීනව සිදු කරනු ලැබූ සෞඛ්‍ය ආයෝජනය 2024 වසරේ රුපියල් බිලියන 410 දක්වා රජය වැඩිකර තිබෙන බවත්, එම මුදල මෙරට ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම වෙනුවෙන් රජය කළ ආයෝජනයක් බවයි.

එම උත්සවය අද (20) පෙරවරුවේ බොරැල්ල වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයට අනුබද්ධ අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී ඖෂධවේදීන් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් ඖෂධවේදී පුහුණූ පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණූව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 163 දෙනෙකු සදහා පත්වීම් ලබාදිම සිදු කෙරිණි.

එමෙන්ම මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 1 මාස 3 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 56 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමටත්, අක්ෂි තාක්ෂණවේදීන් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් අක්ෂි තාක්ෂණවේදීන් පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 4 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමත් සිදුකෙරිණි.

පාසල් දන්ත චිකිත්සකයින් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් පාසල් දන්ත චිකිත්සකයින් පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 13 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමටත්, අංගාදේශක හා ඍජුකරණඥයින් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් අංගාදේශක හා ඍජුකරණඥ පුහුණු පාසල් වලට බදවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පුහුණුව සාර්ථකව අවසන් කරන ලද අභ්‍යාසලාභීන් 6 දෙනෙකු සදහා පත්වීම් ලබාදීමටත් කටයුතු සිදු කෙරිනි.

මෙම නව පත්වීම්ලාභීන් දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවලට රාජකාරී අවශ්‍යතාවය අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූවේ, මෙරට සෞඛ්‍ය සේවාව සෞඛ්‍ය දර්ශක අතින් ඉදිරියට ගොස් තිබුනත් මුහුණදෙන අභියෝග රැසක් වර්තමානයේ ඇති බවත්, එහි ප්‍රධාන කරුණක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද සදහන් කරන පරිදි සර්ව සෞඛ්‍ය ආවරණය තත්ත්වයෙන් ලංකාව 67 % මට්ටමේ පසුවන බවයි.

භෞතික, යටිතල පහසුකම් සහ මානව සම්පත්වල සංවර්ධනයත් සමග පවතින අඩුපාඩු සපුරා ගනිමින් තවත් ඉදිරියට යා හැකි බව ද පැවැසිය. ජපානයේ සර්ව සෞඛ්‍ය ආවරණය සියයට 85 දක්වා වැඩි වි තිබෙන බවත්, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය, ද්වීතියක ප්‍රතිකාර සේවා, ශක්තිමත් කිරිම තුලින් ඉදිරියට යා හැකි බව ද පෙන්වා දෙන ලදි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan