*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

බණ්ඩාරණායක තටාකය මගී පර්යන්තයක් බවට පත් කිරීමට තීරණයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි වසර වලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇති අතර, 2024 වසරේ එලඹෙන සංචාරක සමයත් සමඟ සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොලඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නාවුක කොට්ඨාශය පවසයි.

එබැවින් එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරණායක තටාකය පිහිටි ජැටිය යොදා ගැනීමටත්, එම ස්ථානයේ පිහිටි ගබඩා වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමටත්, වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මීටර් 350 ක් දිගින් යුතු විශාල නෞකා 03ක් එකවර පැමිණියත්, එම මෙහෙයුම් කටයුතු සහ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.

එම බණ්ඩාරණායක තටාකයේ සංවර්ධන කටයුතු සිදු කරන තෙක්, පැරණි මගී පර්යන්තය තුල සහ ඒ අසල සංචාරකයින්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබා දීමටත්, අවන්හල් සහ වෙලඳ භාණ්ඩ අලෙවි සැල් පවත්වාගෙන යාමටත්, අවශ්‍ය පහසුකම් සැපයීමට වරාය අධිකාරිය විසින් ක්‍ෂණික වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.

මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ ( 19 ) දින පැරණි මගී පර්යන්තයේ සහ බණ්ඩාරණායක තටාකයේ දැනට පවතින තත්වය පිලිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාවට වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, උප සභාපති ගයාන් අලගේවත්තගේ, කලමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් මලවිගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී කරුණු දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ : මේ වසරේ ඉදිරි සංචාරක සමය තුල විශාල නෞකා සංඛ්‍යාවක් කොලඹ වරායට පැමිණීමට නියමිත බවත්, එම නෞකා වල මෙහෙයුම් කටයුතු සඳහාත්, ඒවායින් පැමිණෙන සංචාරකයින්ගේ පහසුකම් සැපයීමටත්, ශ්‍රී ලංකා රජය බැදී සිටින බවයි. එසේ හෙයින් වරාය අධිකාරිය තුල දැනට පවතින ඉඩ කඩ උපරිම ලෙස කලමණාකරනය කර ගනිමින් එම පහසුකම් සැලසීමට වරාය අධිකාරිය විසින් කටයුතු කල යුතු බවද පැවසීය.
ඒ සඳහා දැනට පැරණි මගී පර්යන්තයට අමතරව වරායේ ගබඩා කීපයක් පිහිටි බණ්ඩාරණායක ජැටිය නවීකරණය කොට සුඛෝපභෝගී මගී නෞකා වල මෙහෙයුම් කටයුතු සිදු කිරීමට වැඩපිලිවෙලක් ආරම්භ කරන බව මෙම නීරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා පැවසීය.

එම සංවර්ධන කටයුතු සඳහා වරාය අධිකාරියේ මුල්‍ය ප්‍රතිපාදන සහ ආයෝජකයෙකුගේ සහය ලබා ගැනීමටද, කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා විසින් වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan