අ.පො.ස උසස් දරුවන්ට ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්ව ලබා දීමේ අයදුම් කාලය දෙසැම්බර් 22 න් අවසන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දුන් උපදෙස් පරිදි එම අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 01 සිට ආරම්භ කෙරිණි.

ඒ අනුව උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 22 වනදායින් අවසන් වන බව වාර්තා වෙයි.

එමෙන්ම වලංගු කාල සීමාව නැවත දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බැවින් නියමිත දිනට හෝ ඊට පෙර අයදුම්පත් භාර දෙන ලෙස සුදුසුකම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව දිවයිනේ අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50ක් බැගින් තෝරාගෙන, සිසුන් 5000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් වන ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතය.

2022(2023) වර්ෂයේ දී අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට, විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා තිබීම, රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු /ශිෂ්‍යාවක වීම, ඉල්ලුම්කරුගේ පවුලේ මාසික ආදායම රුපියල් 100,000ක් නොඉක්මවීම මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට මූලික සුදුසුකම් ලෙස සැලකේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර, ජනාධිපති ලේකම් කාර්යාලයේ presidentsoffice.gov.lk, ජනාධිපති අරමුදලේ presidentsfund.gov.lk සහ ජනාධිපති මාධ්‍ය අංශයේ pmd.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් බාගත කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ සිසුන් විසින් ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත 2023 දෙසැම්බර් 22 වනදාට පෙර භාරදීමට කටයුතු කළ යුතුය.

වලංගු කාල සිමාව නැවත දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බැවින් දෙසැම්බර් 22 දිනට හෝ ඊට පෙර අයදුම්පත් භාරදීමට කටයුතු කරන ලෙස සුදුසුකම් සපිරු සියළු දරු දැරියන්ට ජනාධිපති අරමුදල දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි කලාව ගහක මුලක්, කොලයක්, මලක් වුවත් ජීවමාන කරවන රූප මවනු ඇත!

සටහන – පුලී අගෝස්තු 04, කොළඹ (LNW): නාගරික උද්‍යානවල ජ්‍යාමිතික රටා...

පාට තුනට 55 ක් බෙදෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ එක්දින කණ්ඩායමට සුදුසු...

ආදරය උගනිමු! සත්ත්ව ලෝකයෙන්!

සටහන – පුලී අගෝස්තු 04, කොළඹ (LNW): සදහටම ආදරය කිරීම...

විශිෂ්ඨයන් අහුරක් එක මිටකට වීමේ සවිය රනිත්මා එංගලන්තයේදී පෙන්වයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: ලාංකේය කාන්තා බැඩිමින්ටන් වංශ කතාව...