දැරියන් 09 දෙනෙකු අපයෝජනයකළ බවට දේවගැතිවරයකුට චෝදනා! දුරකථනයෙන් අසැභි දර්ශනත් පෙන්නලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (21) දින කිරුළපන ප්‍රදේශයේ නේවාසිකාගාරයක රඳවා සිටියදී දේවගැතිවරයෙකු විසින් ලිංගික අතවර කළ බව කියන දැරියන් 9 දෙනෙකු ඔවුන්ගේ මව්පියන්ට හෝ සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා නියෝග කර ඇත.

අතවරයට පත් දැරියන් 9 දෙනා පොලීසිය විසින් අද අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී කිරුළපන පොලීසිය හා ප්‍රදේශයේ පරිවාස නිලධාරිනිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණයෙන් එසේ නියම කළ බවයි සඳහන් වන්නේ.

දැරියන් අතවරයට ලක් කළ බව කියන දේවගැතිවරයා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු ජනවාරි මස 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

වයස අවුරුදු 11 හා 18 වියේ පසුවන දැරියන් 9 දෙනෙකු එසේ අතවරයට ලක්වී ඇති බවත් එම දැරියන් පවුල් තුනක සහෝදරියන් බවද පොලීසිය අධිකරණයට පවසා ඇත.

නේවාසිකාගාරයේ දේවගැතිවරයා තමන්ට අතවර කරන බවට එම දැරියන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනියට පවසා ඇති බවත් පසුව විදුහල්පතිනිය මේ සම්බන්ධයෙන් කිරුළපන පොලීසියට කරන ලද දැනුම්දීමකට අනුව පොලිස් කණ්ඩායමක් එම නේවාසිකාගාරය වෙත ගොස් අදාළ දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

දේවගැතිවරයා විසින් තමන්ව අතවරයට ලක් කළ බවට එම දැරියන් 9 දෙනෙකු පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා ඔහු සතු දුරකථනයේ තිබෙන අසභ්‍ය දර්ශන පෙන්වමින් එම දැරියන්ට අතවර කර ඇති බව දැරියන්ගේ ප්‍රකාශවලින් හෙළිවූ බවද පොලීසිය අධිකරණයට දැන්වීය.

දෙහිවල ප්‍රදේශයේ දේවස්ථානයක දේවගැතිවරයකු වන මෙම පුද්ගලයා එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර එම දැරියන් රඳවා සිටි නේවාසිකාගාරය දෙහිවල දේවස්ථානයකට අනුබද්ධ එකක් බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ගත් අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...