පළාත් පාලන ආයතන සියලු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමේ සමාරම්භක උත්සවය මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
වරිපනම් බදු ඇතුළුව පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කළ හැකි ජාතික වැඩ සටහනේ සමාරම්භය අකුරණ ප්‍රාදේශීය සභාවේදී අද (23) ආරම්භ විය.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පළාත් පාලන ආයතන 346 ක සියලු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට නියමිත අතර එම වැඩපිළිවෙළ ලබන වර්ෂයේ මාර්තු මස වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව අකුරණ ප්‍රාදේශීය සභාව මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීම් කළ හැකි තත්ත්වයට පත් කොට එය නිල වශයෙන් ජනගත කිරීම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අකුරණ ප්‍රාදේශීය සභාවට නොපැමිණ එම සභාවට ගෙවිය යුතු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට හැකියාව ලැබෙන අතර සියලු ගෙවීම් ඒ මොහොතේම යාවත්කාලීන කිරීම සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.

අකුරණ ප්‍රාදේශීය සභාව, මහජන බැංකුව හා එක්ව දියත් කළ මෙම වැඩ සටහනේ සමාරම්භක අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ, අකුරණ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩී.ජී.එම්.බී රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...