*
Friday, October 18, 2024
spot_img

Latest Posts

දේශපාලන පක්ෂ සහ සංවිධාන ගණනාවක් සජබ සන්ධානයට එකතු වෙන බලාපොරොත්තුවෙන්

සමගි ජන සන්ධානයට එකතු වීම සඳහා බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ සංවිධාන ගණනාවක් ද සිටින බවත් මේ වනවිටත් ඔවුන් සමග සාකච්ඡා පවත්වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

ප්‍රශ්නය – අලුත් සන්ධානයට පක්ෂය කීයක් විතර එනවද ?

“දැනට අපේ සමගි ජන බලවේගයත් එක්ක ඉන්න සුළු පක්ෂ – මුස්ලිම් පක්ෂ, දමිළ පක්ෂ – සියල්ලම ඉන්නවා. ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයකුත් අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සහ සංවිධාන විශාල ප්‍රමාණයක්, මං හිතන්නෙ 25කට වැඩි ප්‍රමාණයක් සමගි ජන සන්ධානය සමග එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා”

ප්‍රශ්නය – ඔබතුමා කිව්වා ජනතාව වේලක් කනවා කියලා, දැන් වේලෙනුත් බාගයක් කන තත්වයක් මං නම් හිතන්නෙ …

“ඔව්, එහෙම තත්වයක් තමයි. දැන් බලන්න ඊයෙ නත්තල් සීයා තෑගි දෙද්දී දෙන්නෙ ළූණු ගෙඩියක්. දැන් ළූණු කිලෝ එකක් රුපියල් 600 යි. බිත්තරයක් දැන් 60 යි 65 යි. දැන් ඔය බිත්තර ගේනවා කියලා කියනවා සතොසෙන් බිත්තර ලක්ෂ 350 ක්. දවසකට බිත්තර කීයක් ඕනෙද ලංකාවට ? උත්සව සමයකදී දවසකට බිත්තර කෝටියක් ඕනෙ. එතකොට ඔය ගේන බිත්තර දවස් තුනහමාරකට තමයි ඇති. නත්තල් කාලෙට බිත්තර වැඩියෙන් විකිණෙනවා. සාමාන්‍ය කාලෙට දවසකට බිත්තර ලක්ෂ 70ක් අවශ්‍යයි. එතකොට සාමාන්‍ය කාලෙක වුණත් ඔය ගේන බිත්තර ප්‍රමාණය දවස් පහකට හයකට වැඩිය පාවිච්චි කරන්න බෑ. ඒවාත් සතොසට පමණයි දෙන්නෙ. එනිසා මේක මේ බොරු ප්‍රෝඩාවක් කරන්නෙ. ඒ වගේම ලබන ජනවාරියේ ඉඳලා බිත්තරවලට 18%ක් වැට් එක එකතු කරලා තියෙනවා. ඒ වගේම කුකුල් කෑම සඳහා වැට් එක එකතු කරලා තියනවා, එතකොට ලබන අවුරුද්දේ කුකුළ් මසුත් මිල ඉහළ යනවා. සහල් මිලත් ඉහළ ගිහින්. ඉතින් එක වේලක් කන කෙනාටත් දැන් බාගයයි කන්න වෙන්නෙ”

අශෝක් අබේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan