සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): 2024 වසර තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800කට වැඩි සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති අතර , තවත් 1000කට ආසන්න පිරිසක් විදේශගත නිවාඩු ලබා සිටින බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි,
ඔහු සඳහන් කළේ , මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි .
මේ වසරේ මුල් කාලසීමාවේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 6200ක පමණ පිරිසක් සේවය කර ඇත.
විශ්වවිද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීම ද මේ වනවිට නැවතී ඇති බව , විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇