වැලිගම ප්රදේශයේ අද (31) අළුයම සිදුවූ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු වන අතර වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයකු තුවාල ලබා තිබේ.
වැලිගම, පැලෑන ප්රදේශයේ හෝටලයට වෑන් රථයකින් පැමිණි පිරිසක් අද අළුයම වෙඩිතැබීමක් සිදුකර ඇති අතර ඔවුන් පළා යද්දී එම වෑන් රථය පසුපස පොලිසිය හඹා ගොස් වෙඩි තබා ඇත.
එහිදී සිදුවූ වෙඩි හුවමාරුවේදී පොලිස් සැරයන්වරයා මියගොස් ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
RN