උප්පැන්නයේ සිට මරණ සහතිකය දක්වා සියලුම අනන්‍යතා ලේඛන එකම ගොඩනැගිල්ලකදී ලබාදෙන සේවාව මේ වසරේදී

Date:

2024 නව වසර වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල රාජකාරි ආරම්භ කිරීම සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී සිදු විය.

උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, විවාහ සහතික සහ මරණ සහතික යන සියල්ල එකම වහලක් යටින් ලබාගත හැකි පරිදි පුද්ගල අනන්‍යතා ලේකම් කාර්යාලය පිහිටුවීම මේ වසරේදී සිදුකෙරෙන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී සඳහන් කළේ.

එම අවස්ථාවේ අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතනවල කාර්ය මණ්ඩල අමතමින් අදහස් දැක්වූ වියානි ගුණතිලක මහතා,

“රටත්, ජනතාවත් රාජ්‍ය සේවය තුළින් බලාපොරොත්තු වන කාර්යභාරය වඩාත් ඵලදායි ලෙසත් යථාර්ථවාදී ලෙසත් ඉටු කිරීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතුයි. අමාත්‍යංශයක්‌ වශයෙන් විශාල මහජන සේවාවන් රැසක් සපයන දෙපාර්තමේන්තු පහක් අප යටතේ ක්‍රියාත්මක වනවා. එම සියලුම අංශවල නිලධාරීන් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම තුළින් ජනතාවට වඩාත් සමීප සේවාවක් සැපයීමට හැකියාව ලැබෙනවා.

අමාත්‍යංශයේ විෂය භාරවකටයුතු කරන ටිරාන් අලස් මහතා ඒ ඒ විෂය සම්බන්ධව ඉතාමත් පුළුල් අවබෝධයක් සහිතව එතුමාගේ කාලය සහ ශ්‍රමය අමාත්‍යංශයේ දියුණුව වෙනුවෙන් කැප කිරීම මේ මොහොතේ විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ නායකත්වය තුලින් තවදුරටත් ශක්තිමත් මේ වසර සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා. එම පසුබිම යටතේ පසුගිය කාලය තුළ ජනතාව සමාජ මාධ්‍ය තුළද මෙම ආයතන පිළිබඳ බොහෝ ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමේ තත්වයක් ඇතිවී තිබෙනවා.

එමෙන්ම ජනතාවට වඩාත් පහසු සහ සමීප සේවාවක් ලබාදීම සඳහා විවිධ ස්ථානවල ක්‍රියාත්මක වන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන එකම ගොඩනැගිල්ලක්‌ තුළට ගෙන ඒමට මේ වසර තුළ අප කටයුතු කරනවා.”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...