අපේ සන්ධානය ගොඩනැගෙන්නේ තනතුරු, ප්‍රතිලාභ මත නෙවෙයි ප්‍රතිපත්ති මතයි – විපක්ෂ නායක සජිත්

Date:

සමගි ජන සන්ධානය ගොඩනැඟෙන්නේ මුදල්, වරදාන, වරප්‍රසාද මත නොව ප්‍රතිපත්ති මත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

“අපේ සන්ධානය ගොඩනැගෙන්නේ ඔයාට අර ඇමතිකම, මෙයාට මේ ඇමතිකම, අරයාට අර සභාපතිකම කියලා ඒ මත නෙවෙයි. අපේ සන්ධානය ගොඩනැගෙන්නේ ප්‍රතිපත්ති මත. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවටත් කියන්න කැමතියි අපි නම් සන්ධාන හදන්නේ ඔළුගෙඩි සෙල්ලම් කරලා, සංගීත පුටු දේශපාලනය කරලා, මුදල් හුවමාරු කරලා, සල්ලි බෑග් එහාට මෙහාට දීලා, වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ මත ක්‍රියාත්මක වෙන තරු හතේ හෝටල් කේන්ද්‍රගත ක්‍රමයට නෙවෙයි. අපි විශේෂයෙන්ම මහජන සේවයට මුල් තැන ලබාදෙනවා”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...