සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 02 කොළඹ (LNW): මේ වන විට අග්බෝ ඇතා රැඳී සිටින උලගල්ල වැව වටා විදුලි වැටක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දිනක අග්බෝ ඇතා තිරප්පනේ ප්රදේශයේ බොහෝ වගා බිම් විනාශ කිරීම මත, එම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින්, දැනට අග්බෝ ඇතා රැඳී සිටින උලගල්ල වැව වටා එම විදුලි වැට ඉදිකෙරෙනු ඇත.
අග්බෝ ඇතාගේ වම් කකුලෙහි පවතින වෙඩි වැදීම් තුවාලය තවමත් සම්පුර්ණයෙන් සුව වී නොමැති බවද වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇