ඉදිරියේදී අපගේ ජීවිත වුවද පරදුවට තබා මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කර දැමීමට අඛණ්ඩව කටයුතු කරනවා – ටිරාන්

Date:

උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද මහතා තම ජීවිතය පරිත්‍යාග කළා මෙන්ම, ඉදිරියේදී තම ජීවිත වුවද මේ වෙනුවෙන් පරදුවට තබා මත්ද්‍රව්‍ය පාතාලය තුරන් කර දැමීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩ පැවැත්වීමේ මෙහෙයුම අතරතුර වැලිගම ප්‍රදේශයේ සිදු වූ ගැටුමකදී අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වූ, කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි කළ, උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක් වෙමිනි.

ගලේවෙල පිහිටි ඒ මහතාගේ නිවසට ඊයේ (03) දිනයේදී අමාත්‍යවරයා පැමිණි අතර ඔහුගේ අභාවය පිළිබඳව ජනාධිපතිතුමාගේ, රජයේ සහ අමාත්‍යාංශයේ ශෝකය ඒ මහතාගේ පවුලේ ඥාතීන් වෙත පිරිනමන ලදි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රට තුළ වර්ධනය වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ මෙහෙයුමේදී ඉතා නිර්භීතව, දක්ෂ ලෙස රාජකාරිය ඉටුකළ නිලධාරියකු අවාසනාවන්ත ලෙස අපට අහිමි වී තිබෙනවා. ඔහු තම ජීවිතය කැප කළේ තම රට වෙනුවෙන්. රටේ අනාගත පරපුරේ යහපත හා සුරක්ෂිතතාවය වෙනුවෙන්. මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව වශයෙන්ද ඔහු වෙනුවෙන් ඔහුගේ පවුල වෙත ඉටු කළ හැකි සෑම මෙහෙරක්ම ඉටු කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කර තිබෙනවා. මේ තුළින් පොලිස් දෙපාර්තමේන්තුව වෙතත් විශාල පණිවිඩයක් අප ලබා දෙනවා. ගැටලුවක් අනතුරක් සිදු වූ කිසිදු අවස්ථාවක අප ඔවුන් අත්හරින්නේ නැහැ. ආරම්භ කළ ඉලක්කය ජයග්‍රහණය කරනතුරු ඔවුන් සමග දිගින් දිගටම එක්ව කටයුතු කරනවා. උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද මහතා තම ජීවිතය පරිත්‍යාග කළා මෙන්ම, ඉදිරියේදී අපගේ ජීවිත වුවද මේ වෙනුවෙන් පරදුවට තබා මත්ද්‍රව්‍ය පාතාලය තුරන් කර දැමීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව අවධාරණය කිරීමට කැමතියි. එහිදී අප කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ. මේ මෙහෙයුම වෙනුවෙන් දිවි කැප කළ මෙතුමාට ලබා දිය හැකි ඉහළම ගෞරවය වන්නේ එයයි.”

ජනාධිපතිතුමා විසින් විශේෂ පරිත්‍යාගයක් ලෙස රුපියල් ලක්ෂ විසිපහක මුදලක් ඒ මහතාගේ පවුලේ ඥාතීන් වෙත පිරිනැමීමට පියවර ගෙන තිබෙන අතර එම පරිත්‍යාගය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර මහතාගේ පවුල වෙත භාර දීම මෙම අවස්ථාවේ සිදු විය. එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්‍ෂ 17.5ක මුදලක් අභාවප්‍රාප්ත උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර මහතාගේ පවුලේ සුබ සාධනය වෙනුවෙන් පිරිනැමීමද මෙහිදී සිදුවිය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...