හොර ලේකම් පෙනුමකින් සිට මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 05 කොළඹ (LNW): අද (05) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ලේකම්වරයෙකු යැයි කියමින් ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම පුද්ගලයා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා ලබාදීම සඳහා ගාල්ල, බූස්ස හා වැලිගම යන ප්‍රදේශවල පදිංචි තරුණයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 3 බැගින් මුදල් ලබාගෙන ඇති බව සඳහන් වේ.

අදාළ පුද්ගලයා පිළිබඳව සැක මතු වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තරුණයින් කාර්යංශයට පැමිණිලි කර අතර, එහිදී ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා එම පුද්ගලයා කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු හෙට (06) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩි දුරටත් වාර්තා වේ.

ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා මෙම සැකකරුට මුදල් ලබාදී ඇති තැනැත්තන් වේ නම් 0112864241 යන අංකය ඔස්සේ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කරන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...