උද්ඝෝෂණයට ගිය සේවකයින්ගේ සේවය අත්හිටුවන්න – විදුලි ඇමතිගෙන් නියෝග

Date:

කොළඹ LNW:අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඇති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබියදී විදුලිබලය සැපයීමට බාධාකරමින් පසුගිය 03,04,සහ 05 යන දින තුළ වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබේ.

මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම ගැන මහජන පැමිණිලි අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවයි අමාත්‍යවරයා එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

මේ අතර විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් පසුගිය 02 වැනිදා සිට සියලු සේවකයින්ගේ නිවාඩු ද අවලංගු කර තිබුණි.

කෙසේවෙතත් එම චක්‍රලේඛ,නියෝග නොතකා විදුලි සේවකයින් උක්ත දින තුන තුළ ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නව පනතට එරෙහිව විරෝධය පළ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...