බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ එකම සොයුරිය “ඈන් කුමරිය” අද ලංකාවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 10 කොළඹ (LNW): අද (10) දින එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරියශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒ ශ්‍රී ලංකා – එක්සත් රාජධානි රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමිනි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා රාජකීය ඈන් කුමරිය මෙරටට පැමිණෙන බවයි.

ඈන් කුමරිය මීට වසර 30කට පෙර 1995 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද සඳහන් වේ,

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව කුමරිය මෙරටට පැමිණෙන අතර ඇය එළඹෙන 13 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බව ද මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහත්වරුන් හමුවීමට නියමිතව තිබෙන බව ද පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය එම සාකච්ඡාවලදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ද කියා සිටී.

ඇය මෙරටට පැමිණීමට ගුවන් ගතවන අයුරු

ඈන් කුමරිය සමඟ ඇගේ ස්වාමිපුරුෂයා වන වයිස් අද්මිරාල් ටිම් ලෝරන්ස් කුමරු ද මෙරටට පැමිණෙන අතර බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ එකම සොයුරියද ඇයයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...