සිසුන් අපහසුතාවට පත්කරන්න එපා. වහාම වාර ප්‍රවේශ පත්‍ර වලංගු කරන්න – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පාසල් සිසුන්ට ජනවාරි මාසයේ නිකුත් කළ වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමට එහි සාමාන්‍යාධිකාරවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අවධානය යොමුඅක්ර තිබුණි.

ජනවාරි 8 වැනිදා වන විට ගමනාගමන මණ්ඩලයට වසර 66ක් සම්පූර්ණ වන වස්ථාවේ මෙවන් දෙයක් සිදු කිරීම තුළින් දරුවන් දුෂ්කරතාවලට ලක්ව ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

නිවාඩු මාසයක් වුවත් දූදරුවන්ට උපකාරක පන්ති තිබෙන බවත් මේ නව රෙගුලාසිය තුළින් සතිඅන්තයේ වාර ප්‍රවේශ පත්‍ර භාවිතය පවා තහනම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම උසස් පෙළ විභාගය පවා පැවැත්වෙන මේ මොහොතේ මෙවැනි තීන්දුවක් ගැනීම වැරදි බැවින් මෙසේ අවලංගු කරන ලද වාර ප්‍රවේශ පත්‍ර වලංගු භාවයට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...